කොරෝනා සිහිනය

421 97 83
                                    

Author's note:-

ඔන්න මේක තමයි මන් අපේ තාත්තාගේ thoughts හොරෙන් කියවලා ලියපු අර story එක. කට්ටිය කියවලා enjoy කරන්නකෝ ඒනම්.

ආ...තව දෙයක්.මේක first person p.o.v එකෙන් ලියලා තියෙන්නේ.
මන් හිතනවා ඔයාලට මේකේ main character එක අඳුරගන්න පුළුවන් වෙයි කියලා.කතාවේ අපැහැදිලි තැනක් තියෙනවා නම් අහන්න.ඒ වගේම කතාවේ අඩුපාඩු තියෙනවා නම් කියන්න.Bye.See you at end of the story.

---------------------------------------------------
*story begins*

එදින සෙනසුරාදා දිනයකි.වෙලාව සවස 3.00 පමණ විය.දිවයිනටම ඇඳිරි නීතිය පනවා තිබූ බැවින් මා උදේ පටන් නිවසේම ය.කරන්නට විශේෂ යමක් නොවූ බැවින් මම පෙර දින ගෙනා පුවත්පත අතට ගෙන කියවන්නට යමක් සොයන්නට වීමි.බැලූ බැලූ සෑම තැනම වූයේ කොරෝනා පිළිබඳ පුවත් ය.චූටි දුවගේ කාමරය දෙසින් කිවිසුමක හඬක් ඇසිණි.මට හීන් දාඩිය දැම්මේය.නිවස පුරාම කොරෝනා නම රැගත් පුවරු විදුලි ආලෝකය පතුරවන්නාක් මෙනි.මගේ දෑස් නිලංකාර විය.

-
-
-

මගේ දෑස් යථා තත්ත්වයට පත් වත්ම මා දුටුවේ මා අසල සිටගෙන සිටි මැදි වියැති මිනිසෙකි. ඔහු ඇඳ සිටි ඇඳුම පුරා විවිධ ලෙඩ රෝග වල නම් මුද්‍රණය කර තිබිණි.ඒ අතර කොරෝනා යන නාමය ද සඳහන් වී තිබෙනු දුටු මා හට දැනුණේ මාගේ මුළු ශරීරයම කොරෝනා වෛරසය විසින් වෙළා ගන්නා බවකි.මම කෑ ගසන්නට තැත් කළෙමි.අවාසනාවකි.මගේ හඬ පිට නොවිණි.

---------------

එක්වරම මා අසලින් ගැඹුරු කටහඬක් ඇසිණ.එය මා පෙර ද සඳහන් කළ 'කොරෝනා' මිනිසාගේ කටහඬ විය.ඔහු මා හට ඔහු පිටුපසින් එන්නැයි අණ කළේය.
යුරෝපීය පෙනුමක් තිබුණත් ඔහු පැහැදිලි සිංහලෙන් කතා කිරීම මට මහත් ගැටලුවක් වූ නමුත් ඔහුගේ වස්ත්‍රය පිළිබඳව සිහි වූ බැවින් ඒ ගැන විමසන්නට සිතක් නොවීය.
එබැවින් මම ඔහුගේ අණ පිළිගෙන ඔහු පසුපසින් ඇදෙන්නට වීමි.

----------time skips---------


නිවසින් බැහැරව මීටර 500ක පමණ දුරක් ගමන් කළ අපි එක්තරා ගොඩනැගිල්ලකට ඇතුළු වූයෙමු. මගේ ඇස් පෙනීමේ දෝෂයක් නොමැති නම් එය නිසැකවම උත්සව ශාලාවක් විය යුතුම ය.
පිටත පරිසරය ආලෝකමත් ව පැවති නමුත් ගොඩනැගිල්ල ඇතුළත නම් වූයේ කෑලි කැපිය හැකි තරමේ ගන අන්ධකාරයකි. තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුගේ අඩි ශබ්ද අප අවට සැරිසරන බව මාගේ සවන් වැකිණි.

කොරෝනා සිහිනය (a short story) [COMPLETED]Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ