02 ¡ !

2.7K 491 182
                                    


ගාලු මුවදොර පිටියට ➠

කොල පාට බෝර්ඩ් එකක්..

පාලම පහුකරලා මාත් කලර් ලයිට් එක ළඟින් වමට හැරුනා...

ගෝල් ෆේස් !! සාමාන්‍ය ව්‍යවහාරය එහෙමනෙ..ගාලු මුවදොර පිටිය කියලා කියවෙන්නෙම අඩුවෙන්...

ඒ පැත්තට යන කපල් දෙක තුනක්ම දැනට මාව පහු කලා..ඒ පැත්තෙ ඉඳලා එන කීප පිරිසක්ම ත් මාව පහු කලා.. සතියෙ දවසක් උනත් සෙනඟ නතර වෙන්නෙත් නැහැ...

රැල්ල පාගපු කෙල්ලො කීපදෙනෙක් ඒ පැත්තෙ ඉඳලා එනවා..කතා කරන ගමන් හෙන සද්දෙන් හිනාවෙනවා..ඇඳලා ඉන්න ඩෙනිම් කලිසම් දණිසෙන් පහලට තෙමිලා...
ගිටාර් එක දකුණු උරහිසට මාරු කරගත්තු මම ඒ පැත්තට අවදානයක් නොදීම එයාලව පහු කලා...

ඇත්තටම ඒ වෙලාවෙම මගෙ අවදානය නතර උනේ ටිකක් හිමින් මාව පහු කරපු යකඩ කරත්තයක..විල්බැරෝවක් තල්ලු කරනවා වගේ පිටිපස්ස යකඩ පොලු දෙකෙන් අල්ලගෙන තල්ලු කරගෙන යන ඒ යකඩ දැල් දැල් කූඩයක් වගේ ලොකු අමුතු සමචතුස්‍රාකාර වීල්බැරෝව වගේ ඒකට කොන් හතරෙන් රෝද හතරක් තිබුනා..
ඒත් තල්ලු කරපු විදියට ඒක ගියෙ ඉස්සරහ රෝද දෙකෙන්..
ඒ වාහනේ ටිකක් අමුතුයි...ඒ වගේ එකක් මගෙ ජීවිතේට මේ දැක්කාමයි..ඒ නිසාද මන්දා ඒ දිහා බල බල මමත් ඒ වේගෙන්ම ඇවිදගෙන යනවා..

යකඩ දැලකින් හදලා තිබ්බ ඒක හරි හතරැස් කොටුවක්..අඟල් හය හතක වගේ යකඩෙන්ම හදපු වැටකින් ඒක ආවරණය කරලා..හේතුව ඒකෙ අරගෙන යන දේවල් බිමට නොවැටී රඳවගන්න වගේ...හිතුවා හරි...ඒ කූඩෙ තිබුනෙ එක එක වර්ගෙ බෝම බෝතල්..ෆැන්ටා, ක්‍රීම් සෝඩා , පෙප්සි , නෙක්ටො, මවුන්ටන් ඩීව් , ස්ප්‍රයිට් , සවන් අප්..හැම වර්ගෙකින්ම උපරිම තුන ගානෙ...

ඉතිරි කෙලවරක ලොකු කලුපාට බෑග් එකක් එක්ක පොඩි බේබි බෑග් එකක්...පොඩි ලමයෙක්ගෙ ඇඳුම් දාන එකක් වගේ..

යකඩ කොටුවෙ අනිත් කොනට ඇහැ යවපු මට මගෙ පපුව ඇතුලෙන් එකපාර ආපු හිරිය දරාගන්න අමාරුවට තදේට පපුව තද කරලා අල්ලගත්තා...දෙවියනේ..මේ වගේ දෙයක් දැක්කම මගෙ හිත ටිකක් අමුතු වෙනවා..

ඒ කොනේ එලලා තිබුනු බේබි පැනල් එකක් උඩ රෝස පාට ගවුමකින් සැරසුනු පුංචිම පුංචි පැටියෙක් හරි සැපට නිදාගෙන ඉන්නවා...අවුරුදු තුනක් වත් පේන්නෙ නෑ .. හිතන්නත් අමාරුයි...

(𝗔)𝘀𝘁𝗵𝗮𝘄𝗮𝗿𝗮 (අ)ස්ථාවර 𝗧𝗞 Where stories live. Discover now