පසුවදනක් !!

2.9K 373 380
                                    

මල නොතලා බඹරෝ..
රොන් ගන්නෑ දී වේදනා..
පෙම්වත ඔබෙ ආලේ...
වන්දනාවක් සුවපත් වෙනා..

සින්දුව අහන්න...
ඒක ඇබ්බැහියක් ♡✨💆‍♀️
___________________________

' මචං මං මල්ලිව ගත්තා..උඹ එන්නෑනෙ..අපි එහෙනම් ගියා ඈ!!'


" හරි පරිස්සමට පලයන්..මං අම්මට කතා කලා "


' එල එල ....ආ මේ ! මස්සිනා එක්ක ඇරියස් එක මං පස්සෙ බලාගන්නම් කියහන්...උගෙ ඇක්ට් එකට අවෝර්ඩ් එකත් අරන් ඇවිදින් බුදු සර් කියලා ඉඳා මේක අරගනින් කියලා ශොට් එකක් දාන්න එනවා කියහන්...'
'අනිවා කිය- '

ෆෝන් එකේ අනිත් පැත්තෙන් ඇහෙන රැහැනාගෙ කතාව ඉවර වෙන්නත් කලින්ම මම කෝල් එක කට් කලේ උගෙ කටහඬ මට අඩි විස්සක් විතර එහායින් හිටගෙන ඉන්න එයාට  ඇහෙයි බයට..

කෝල් වොලියුම් එක එකටම අඩු කලත් එයාට ඇහුනොත් එයා මට දාන බැල්ම මවාගන්න ගමන් මම කෝල් එක ඉවර කරනවත් එක්කම මං දැක්කා...
මෙච්චර වෙලාවක් තියෙටර් ඩෝර් එක ඉස්සරහ හිටගෙන ලමයින්ගෙ ප්‍රශ්න වලට උත්තර දිදී ඉඳපු එයා ඔලුවෙන් මට සන් කලේ එතනට එන්න කියන්න වගේ...

ලමයින්ගෙන් ඈත් වෙලා එයා දිහාට ඇවිදන් යන මං දිහාවට ඇවිදන් ආපු එයා ,
එතන ටේබල් එක උඩ  තිබුන බෑග් එකයි , එයාගෙ කුර්තා එක දාගෙන ආපු ලොකු හැන්ගර් එකයි , තව ෆෝන් එකයි මගෙ අත දෙකේ පිරෙව්වෙත් එතන ලමයින්ගෙ ප්‍රශ්න වලට උත්තර දෙන අතරෙ..

"" හරි මම ෆ්‍රී දවසක් ඉන්ෆෝර්ම් කරන්නම් එදාට ප්‍රැක්ටිස් එකක් බලමු !!""

දැන් මම !! මේ වෙලාවෙ !! ඇත්තටම මේ ලමයි ඉදිරියේ පවා කහපාටට හැරෙන්න අරන්..මේ මනුස්සයා දැන් මෙතන හැසිරෙන්නෙ හස්බන්ඩ් කෙනෙක් වයිෆ් කෙනෙක්ට වගකීමක් පටවනවා වගේ...ඒක ඇත්තෙන්ම මාව වගකීම් සහගත විකාරයක්...

මගෙ අතට බඩු ටික දුන්නු එයා මාව එක්කගෙන එලියට ඇවිදින් ,

"" කා එක අරගෙන එනකල් මෙතනම ඉන්න..""
කියාගෙන යන අතරෙ ඇවිදගෙන යන එයා දිහා බලන් හිටපු මම තව ටිකක් කහපාට වෙන්න අරගත්තෙ එයා ඇවිදගෙන යන විදියට පවා මම දැන් මෙතන විකාරයක් වෙලා තිබුනු නිසා....

(𝗔)𝘀𝘁𝗵𝗮𝘄𝗮𝗿𝗮 (අ)ස්ථාවර 𝗧𝗞 Where stories live. Discover now