05 ¡ !

2.1K 417 202
                                    


පපුවක් තියෙන්නෙම මනුස්සයෙක්ට ආදරේකින් පිරෙන්න...
ඒත් සමහර වෙලාවට ආදරයක් නැතුව උනත් මිනිහෙක්ට මැරෙනකල් ජීවත් වෙන්න පුලුවන් ...
හැබැයි ඉතින් ඒක හෙන ගැහුවත් දරාගන්න පුලුවන් වෙන හිතක් වෙන්න ඕනි..

බැරිවෙලාවත් හිස් වෙලා තියෙන හිතකට කාලක ආදරයක් පිරුනොත් !!..
ඉතුරු තුන්කාල ආයෙ පුරවගන්න ඒ ආදරේ හසුරුවන්නෙක් අනිවාර්යයෙන්ම ඉන්න ඕනිමයි...
මං කියන්නෙ ඒක එහෙම වෙන්න ඕනි...
එහෙම නොවුනොත් අනෙකාට මොනවයින් මොනා වෙයිද කියලා හිතාගන්නවත් බෑ..
මොකද හෙන ගැහුවත් දරාගත්තු හිත් පස්සෙ පස්සෙ පොඩි හිරිකඩටත් දියාරුවෙන්න ගන්නවා...

මං හිතන්නෙ ඒ හැමදේටම මුල ප්‍රේමය...ප්‍රේමයක් මුල් දාපු පපුවකට ආයෙමත් ප්‍රේමයක් නැතුව ඉන්න හරි අමාරුයි...හුරුව දිගේ ප්‍රේමයක්ම හොය හොයා පපුකැව්තු ඇවිලෙද්දි මිනිස්සු වියරු වෙවී ආදරේ හොයන්නෙ ඒකයි...

ඒත් මට තවමත් හිතාගන්න බැරි අඛිල කියන ආදරණීය රෝමාන්තිකයාගෙ අමුතුම විදියෙ ආදරකතාව ඔයාලා එක්ක බෙදාගන්න මම කොහෙන්ද මුලින්ම පටන් ගන්න ඕනි කියන එක...

එදා !!
එදා අවසාන වතාවට එයා එක්ක කතා කරපු දවසෙ එයා එයාගෙ මුලු කතාවම මං එක්ක දිග හැරියා...මෙච්චර දවසක් තිස්සෙ හිතේ හිරකරගෙන විඳවපු ඒ ආදර කතාව එයා හිමින් හිමින් සැහැල්ලු වෙන ගමන් කියවගෙන යද්දි ,
මම මගෙ පපුව බර කරගන්න ගමන් ඒ කතාව අවසාන වෙනකල්ම අහගෙන හිටියා..

විශ්වාස කරනවද !?
මං හොස්ටල් එකට ආවෙ පහුවදා උදේ කිව්වොත් ...?

හ්ම්ම්ම්ම්...
ඒ එක දවසට එයා එයාගෙ පුංචි මඩුව ඇතුලෙ මට නවාතැන්ත් දුන්නා...මට යන්න ඕනි උනත් ඒ පාන්දර එයා මට යන්න දුන්නෙ නැහැ...ඉතින් ඒ නිසා මට නතර වෙන්න සිද්ද උනා..

ඉද්දමල්ගොඩ නම අගට රැඳිලා තිබුනු ඒ සුවිසාල ගැඹුරු පතල් ඇස් අයිතිකාරයාගෙ ගැඹුරට හිතුවා වගේම යන්න මට පුලුවන් උනා...
නෑ මං මීට වඩා යන්න උවමනයි !!
ඒත් ඊට කලින් , එයාගෙන් අහගත්තු එයාගෙ කතාව ඔයාලා එක්ක බෙදාගන්න උවමනයි !!

කර්ණාටික් ඉගෙන ගත්තා කිව්වම මම ආයෙම ප්‍රශ්නෙක හිර උනා..පේරා කැම්පස් එකේ කොහෙද මියුසික් ඩිපාර්මන්ට් එකක් තිබුනෙ ? !
මං නොදන්න දේවල් නොසෑහෙන්න තියෙනවා කියන එක ඒ වෙලාවෙ මට මගෙ ජීවිතේ සියවෙනි වතාවටත් දැනුනා !!

(𝗔)𝘀𝘁𝗵𝗮𝘄𝗮𝗿𝗮 (අ)ස්ථාවර 𝗧𝗞 Onde as histórias ganham vida. Descobre agora