11 ¡ !

2.1K 356 138
                                    

එකපිට එක එන ප්‍රශ්න හිතට වගේම මොලේට දරාගන්න අමාරු වෙනකොට දෙන්නම එකවර දුර්වල වෙනවා..ඒ එක්කම ශරීරයේ අවයවවල පාලනය පවා අපෙන් ගිලිහිලා යනවා..හිතෙන හිතෙන හැම දේම පාලනයක් නැතුව කරන්න අරගන්නවා...තව කෙනෙක් ඉදිරියේ නිරූපණය උන මමත්වය එක තප්පරෙන් අහිමි වෙනවා.....කොටින්ම කිව්වොත් මනස විකෘතියක් වෙනවා..උන්නත් එකයි මලත් එකයි ජීවිතයක් එක්ක තමන්ට කලින් තදේටම බැදුනු මතක එක්ක ජීවත් වෙන ගමන් හිනාවෙනවා..අඬනවා...අඬ අඬ හිනාවෙනවා...හිනාවෙවී අඬනවා..

එහෙම විකෘතික හිතක් අඬනකොට මොලේට වත් ඒක නතර කරගන්න බැරි වෙනකොට මොලේ කරන්නෙ මොකද්ද .. ?
ඉතින් එයත් අඬනවා...

මම දන්නෙ නැහැ ඇත්තටම! මට හිතාගන්න හරි අමාරුයි විකෘති මනසක් දරාගෙන ඉන්න මිනිස්සුන්ගෙ හිත් කොහොම ඇතිද !?
එයාලා දෙයක් ගැන හිතන්නෙ කොහොමද ?
එයාලාට එහෙම වෙන්න බලපාපු හේතුව මොකක් වෙන්න ඇතිද !?.
මට අදහසක් නෑ ඇත්තෙන්ම එයාලා කොහොම හිතනවා ඇතිද !?
එහෙම විකෘති උන හිතකට ආදරයක් උතුරන්න දුන්නොත් එයාලාට මොනවා වේවිද !?...
මම දන්නෙ නැහැ කිව්වනෙ..මම දන්නෙ නැහැ !!!

" මට උඹ ගැන කේන්තියි විසල් !! ..උඹට බැරි උනා දිගටම මේ මනුස්සයා ගැන හොයන්න...උඹට බැරිඋනා..."

" උඹ හොඳටම දන්නවා උඹෙ ආදරේ තරම !! ඒ දැන දැනත් හොයන්න බැරි උන මඟුලක් කිය කිය දොස් කියන උඹම නෙමෙයිද උන්මන්තකයෙක් වගේ ගාලු මුවදොරට හැමදාම ගිහින් විකාරයක් වගේ හූල්ල හූල්ල ඉඳපු මේකගෙ හිත හැදුවෙ !? "

" මම එහෙම නොකලා නම් මේකත් විකෘතියක් වෙනවා.."

." උඹ හිතේ අමාරුවට මේ අහිංසකයට බැනලා හරියනවද ? කිසි දෙයක් නොදන්න මගෙ අහිංසකයාගෙ හිතට ආදරේ කියන මලක බීජයක් පැල කලෙත් උඹමයි !! " .

" අවසානෙ ඒ මත්තෙ නැහි නැහි හූල්ලන මගෙ කොල්ලව මෙහෙම ගොඩගත්තෙත් උඹමයි...දැන්වත් පිලිගනින් !! "

" විසල්ව මේ තරම් ආදරණීය මිනිහෙක්ව කලෙත් උඹමයි " .

මේ වෙලාවෙ මහ විකාර විදියට නොසන්සුන් වෙලා ඉන්න මගෙ හිත දෙපිලකට බෙදිලා මාරාන්තික සටනක !! ඒ අතරෙ මගෙ ඉස්සරහ පුදුවක වාඩිවෙලා නිදි කිරන මේ රැවුල් කාරයා දිහා මම හෙන විකාර විදියට බලාගෙන ඉන්නවා...

(𝗔)𝘀𝘁𝗵𝗮𝘄𝗮𝗿𝗮 (අ)ස්ථාවර 𝗧𝗞 Where stories live. Discover now