08 ¡ !

1.8K 361 181
                                    

රැහැනා ගිහින් විනාඩි පහලවකට විතර පස්සෙ කැන්ටින් එකෙන් එලියට ආපු මට ආයෙම හොස්ටලේට යාගන්න විනාඩි දහයකටත් වඩා වෙලාවක් ගියා...

එක්සෑම් ඉවර උනාට පස්සෙත් කල්පනා කර කර හිත අනන්තෙට යාගන්න තරම් අලුපාට ඇස් දෙකක්...
ඔලුව, හිත , මුලු ඇඟ පුරාම අරෙහෙ මෙහෙ දුවද්දි ඒ කල්පනාව පිටම හොස්ටල් එකට ගාටපු මට,
ඇද උඩ වැතිරිලා උඩ සිවිලිමේ ෆෑන් එක කැරකෙන රටාව දිහා විනාඩි පහක් වත් එක දිගට බලන් ඉන්න බැරි වෙලා තිබුනා...

ඊයෙ දවසටම පැය දෙකක් විතරක් නිදාගන්න සිද්ද උනු එකේ ප්‍රතිඵලයක් විදියට ටැබ්ලට්ස් අරන් වගේ නින්ද ගිහින් තිබුනු මං ,
රැහැනා රූමට ඇවිදින් අනිත් උන් එක්ක කතාකරපු සද්දෙත් එක්කම එකපාරම ඇහැරිලා ඇඳෙන් ඉඳගත්තා...

වෙලාව හයයි දාහතයි !!!
හොඳටම පරක්කුයි !!

ටවල් එකයි සබං එකයි උස්සන් බාත් රූමට දිව්ව මං නාගෙන,  විනාඩි දහයකට මිනිත්තු දෙකක් තියලා කඟවේනා වගේ ආපිට රූමට දුවගෙන ආවා..

.
.
සට සට ගාලා කුඩේ උඩට වැටෙන වැහි බිංඳු සද්දෙ කන් ඇතුලෙ අරෙහෙ මෙහෙ දුවනවා...
වැහි අඳුර අස්සෙන් දිලිසෙන වීදි ලාම්පු මැද්දෙන් උරහිසත් හකුලුවන ගමන් ... මමත් කැම්පස් එකේ ගේට් එක පහු කරගෙන විජේරාමෙ දිහාවට ඇවිදන් යනවා...

නටුවෙන් ගිලිහෙන්න තව කල් තියෙද්දිත් වැහි බරට ගිලිහිලා බිම වැටෙන රොබරෝසියා මල් අතරෙන් එක දෙකක් මගෙ කුඩේ උඩටත් වැටෙන අතරෙ , හුළඟත් එක්කම කුඩේ මුදුනෙ රැඳවුනු මලක් ඇවිදින් මගෙ වැලමිට හරියෙන් ගෑවි නොගෑවි බිමට වැටුනා....

වැහි හීතලයි , රෑ මීදුමයි , වීදි ලාම්පු එලියට දිලිහෙන තාර පාරයි !!! අතරෙ කුඩ ඉහලන් හදිසියේ ඇවිදන් යන මිනිස්සු අතරෙ ඇවිදන් යන මට මේ මොහෙතෙ ලා හිනාවක් එක්ක හිතුනෙ එකම දෙයයි !!!

" වැහි ජපුරත් අම්බානකට ලස්සනයි !!!! "

.
.

ගොරනාඩු දිදී වහින වැස්සෙත් ගිටාර් එකවත් නැතුවම ගිහින් මමත් විජේරාමෙන් බස් එකට නැග්ගෙ ,
සෙනසුරාදා පහුවෙලා මේ වෙනකොටත් දවස් හතරක් ගෙවිලා අදට පහක් වෙන නිසා !!

(𝗔)𝘀𝘁𝗵𝗮𝘄𝗮𝗿𝗮 (අ)ස්ථාවර 𝗧𝗞 Where stories live. Discover now