පලමු සද.....

229 19 5
                                    

"හා හා ඔය ඔරියන්ටේශන් එකට ආපු අලුත් මූනු ටික ඔරියන්ටේශන් එක ඉවර වෙලා හිමීට පැනලා යනවා එහෙම නෙමෙයි හරී.... ඔරියන්ටේශන් එකෙන් පස්සේ හැමෝටම ස්ටුඩන්ට් මීටින් එකක් තියනවා."

කොන්ඩේ උරහිසින් තාක් වවලා පෝනිටේල් එකක් බැදලා ඉදපු තරමක හැඩි දැඩි පිරිමි ලමයෙක් තක්ශිලා කලා විශ්වවිද්‍යාලයේ ඔඩිටෝරියම් ගොඩනැගිල්ලට ඇතුලු වෙන්න ලෑස්ති වෙලා උන්න අලුත් ලමයින්ට කියද්දි ඒ අලුත් මූනු තරමක් දුරට අදුරු උනත් කවුරුත් මුකුත් නොකියා හා කියන උත්තරේ වෙනුවෙන් ඔලුව වැනුවා.

එතනින් පස්සේ අලුතෙන් ආපු හැම මූනක්ම හිමින් සැරේ ඇතුලුවීමේ දොරෙන් අත්සන් කරලා ඇතුලට ඇවිත් ඉඩ තියෙන තැනක් බලලා ඔඩිටෝරියම් එකේ වාඩි උනේ තව විනාඩි පහකින් පටන් ගන්න ඒ අයගේ පිලිගෑනිමේ උත්සවේට මූන දෙන්න බලන්.

පුටුවල වාඩි වෙලා උන්න අලුත් මූනු හැම එකකම වගේ හීනියට තැතිගැන්මක් ලියවිලා තිබුනේ තමන් මේ පටන් ගන්න යන අලුත් ජිවිතේ කොහොම වෙයිද කියලා හිතා ගන්න බැරුව.

ඇතුල් වීමේ ගේට්ටුව ලග දී එයාලට හම්බුන න්‍යාය පත්‍රේ අත් වල මිටිමොලෝ ගත්ත ඒ හැම මූනක්ම දැන් තිබ්බේ වේදිකාව දිහා බලාගත්ත නොඉවසිල්ලක්.

ඉතින් අන්තිමේදි ඒක පටන් ගත්තා.අත්පොලසන් සද්ද ගොඩක් මැද අරාධිත අමුත්තන් එක්ක පීඨාධිපති පොල්තෙල් පහන දල්වලා ඉවර කලේ ඊලගට යන විද්‍යාල ගීයට සීරුවෙන් හිටගන්න ගමන්.

එතනින් එහාට පිලිගැනිමේ කතාවෙන් පටන් අරන් නැටුම් ගැයුම් උපදේශ වගේ ඉදිරිපත් කිරිම් ගොඩක් එක්ක අන්තිමේදි පිලිගැනීමේ උත්සවේ අවසානයට ලං උනා.

දැන් ඉතුරු පිඨාධිපති තුමාගේ කතාවයි.ඔසරියකින් හැඩ වෙලා හිටපු නිවේදිකාව පීඨාධිපති තුමාට වේදිකාවට ආරධනා කරද්දි වාඩි වෙලා හිටපු පුටුවෙන් නැගිට්ට පීඨාධිපති තුමා වේදිකාවට නැග්ගා.

පීඨාධිපතිට ආවෙනික උන බැල්මකින් මුලු ඔඩිටෝරියම් එක පුරාම ඉන්න අලුත් මූනු දිහා බලපු පීඨාධිපති තුමා ඇවිත් ඉන්න හැමෝගෙන්ම අවසර අරන් කතාව ආරම්භ කලා.

වඩින තුරු සද (Non fiction - BL)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin