නවවන සද.....

89 9 4
                                    

"ඔහොම නෙමෙයි රිද්ම පිත්ත මෙහෙම අල්ල ගන්න.

අන්න හරි කොහ් දැන් චුට්ටක් කොන්ද පස්සට කරන්න.ම්ම්ම් දැන් හරි"

තක්ශිලාවේ මහා සංග්‍රාමෙට තව දවසයි.හෙටින් සතියක් පුරාවට තක්ශිලාව සම්පුර්නයෙන්ම ක්‍රිකට් ලෝකයක් වෙනවා.සති ගානක් පුහුනු උන තක්ශිලා ක්‍රිඩක ක්‍රිඩිකාවෝ හෙට ඉදන් සතියක් පුරාවට මුහුනට මුහුන ගැටෙනවා.ඉතින් මුලු තක්ශිලාව අද පුදුම තරන් කලබලයි.

"අයියේ ශුවර් නේද මං සබ් කියලා"

"ම්ම්ම් ඒ උනාට හදිස්සියෙවත් ග්‍රවුන්ඩ් බහින්න උනොත් අඩුම පිත්ත වනන්නවත් දැනන් ඉන්න ඕනා රිද්ම ඒ නිසා හිතට අරන් ප්‍රැක්ටිස් වෙන්න කොහ්හ් දැන් ෆෝකස්"

ගෙවුන හැම දවසක්ම හුගක් දුරට මෙහෙමයි.දේවාන් හැමදාම හවසට වැඩිපුර පැයක් රිද්මට ක්‍රිකට් ගහන්න ඉගැන්නුවා.දැන්නම් රිද්මට යන්තම් බෝලෙට බය නොවි පිත්ත වනා ගන්න පුළුවන්.

එතකොට දේවාන් රිද්ම සම්බන්දෙට මොකද උනේ....ඒක දැන් ටිකෙන් ටික හොද අතට හැරෙනවා.දැන් මුල් දවස්වල වල වගේ දේවාන් රිද්මට නපුරු විදිහට සලකන්නේ නෑ ඒත් තාමත් ඒ දෙන්නා පරන දේවල් කතා කරලත් නෑ.දෙන්නම ඉන්නේ ලගදි හම්බුන ආගන්තුකයෝ විදිහට.

දේවාන් තිරනේ කලත් ආයම ලැබුන අවස්තාව ගන්න එයා එයාවිසින් එයාටම පනවගත්ත සීමා වල හිටියා.එයින් එකක් තමා රිද්මම ඒ අතීතේ ආපහු එලියට ගන්නකන් දේවාන් ඒ මොනවත් ගැන කතා නොකර ඉන්න එක.ඉතින් දැන් රිද්ම දේවාන් කියන්නේ AL පන්තියේ ආදරේ කරපු පෙම්වතුන් නෙමෙයි තක්ශිලාවේ දි මුන ගැහුන සරසවි සගයෝ.

දේවාන් හිමිහිට උත්සහ කරනවා ආයම රිද්මට ලං වෙන්න.දේවාන්ට ඕනා ආය ම මුල ඉදන් පටන් ගන්න.එතකොට රිද්ම, එයා දන්නෑ දේවාන් මොනා කරන්න හදනවද කියන්න.ඒත් දැන් ඉන්න දේවාන්ට රිද්ම කැමති.පරන දේවල් මතක නෑ වගේ හැසිරුනත් රිද්ම ආසයි අඩුම දැන් දේවාන් එයා එක්ක හොදින් කතා කරනවට.

සමහර විට ආයම යශ් සීනු කියන ආදර කතාවට පටන් ගැන්මක් නැති වේවි ඒත් රිද්මගෙ හිතට තිබුනේ අමුතුම සැනසීමක්.රිද්ම බයයි...ඇත්ත එයා ට තාම මතකයි එදා දේවාන්ගේ අම්මා එයාගේ ගෙදර ඇවිත් ගියපු දවස ඒ මූසල දවසේ රිද්මගේ අහින්සක අම්මගේ ඇස් වලින් ගලපු කදුලු ඒත් ඒ අතීතේ හින්දා තව දුරටත් රිද්ම විදවන්න ඕනෙමද?ආයම අවස්තාවක් ලැබෙනවනම් ඒ අවස්තාව බාර ගන්න රිද්මට අයිතියක් නැද්ද?

You've reached the end of published parts.

⏰ Last updated: Apr 27 ⏰

Add this story to your Library to get notified about new parts!

වඩින තුරු සද (Non fiction - BL)Where stories live. Discover now