පස්වන සද.....

76 11 3
                                    

"හරිනේ එහෙනම් දැන් ප්‍රැක්ටිස් පටන් ගනිල්ලා.ටීම් එකේ සෙට් එක කතා වෙලා ලීඩර්ස්ලා සිලෙක්ට් කරගන්න ඒකට අපි අත දාන්නේ නෑ"

උදේ ඉදන් හවස තුන විතර වෙනකන් උගන්නපු තක්ශිලාව තුන පහුවෙනවත් එක්කම ක්‍රීඩා පිටියක් විදිහට වෙනස් උනා.

කන්ඩායම් වලට තෝරන් උන්න පිරිස තමන්ගේ කන්ඩායම් එක්ක පුහුනුවීම් පටන් ගන්න යද්දි කන්ඩායම් වලට තේරුනේ නැති බහුතරේ සංවිධායක මඩුල්ලේ වැඩ වලට බෙදිලා ගියා.

ඊයේ උන දේ එක්ක තරමක කම්පනේක උන්න රිද්මත් අද පුහුනුවීම් වලට ඇවිත් හිටියේ නෑවිත් බැරි කමට වගේ.

කොල්ලා තාමත් හිටියේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරි සිතුවිලි ගොඩක හිර වෙලා.ඊයේ හවස දේවාන්ගේ හමුව තාමත් රිද්මගේ හිතට වද දෙනවා.

ඇත්තටම දේවාන් එයාව එහෙනම් අමතක කරලද...

මේ ඒ වචන රිද්ම ඊයේ රෑ ඉදන් එයාගෙන්ම අහගත්ත දහස්වෙනි වතාව වෙන්න ඇති.හේතුවක් නොදන්නවා උනත් රිද්මට දැනුනේ මෙච්චර කාලෙකට නොදැනුන හිස් බවක්.

සමහර විට ඒ එයා ආපහු දේවාන්ව හම්බුන දවසට අඩුම දේවාන් එයා එක්ක වචනයක් හරි කතා කරන්න උත්සහ කරයි කියලා රිද්ම බලාපොරොත්තු උන නිසා. වෙන්න ඇති.

"රිද්ම එහෙනම් මං යනවා.අපිට මීටින් එකක් දැන්....එක අතකට මොන එහෙකට මාව මේ මගුලට වැටුනද මන්දා"

මුල් ටික රිද්මට කිව්වත් අන්තිම ටික එයාටම කියා ගත්ත නාදිව් මෙච්චර වෙලා ග්‍රවුන්ඩ් එක දිහා බලන් උන්න රිද්මට යනවයි කියාගෙන එන්න ආවා.

දේවාන් වගේම රිද්ම ක්‍රිකට් ගහන්න වැටිලා තිබුනත් එයාලා දෙන්නගෙම යාලුවෝ උන නිවර්තන වගේම නාදිව්ත් වැටිලා තිබුනේ සංවිධායක මන්ඩලයට.

ඉතින් නාදිව් වගේම නිවර්තනත් දේවාන්ට යනවයි කියාගෙන යන්න ගියේ තිවංක අත්පොඩියක් ගහලා කට්ටියට වැඩ පටන් ගන්න කියලා ඉගි කරද්දි.

මේ දවස් වල තාම තක්ශිලාවේ මුල් වාරය නිසා ඉගෙනීම් කටයුතුවල උනත් ලොකුවට මහන්සි වෙන්න දෙයක් නැති වෙද්දි තක්ශිලාවේ හැම ශිෂ්‍යයෙක්ම වගේ මහන්සි උනේ එයාලගේ ක්‍රිකට් තරගා වලිය සාර්තක කරගන්න.

වඩින තුරු සද (Non fiction - BL)Where stories live. Discover now