හතරවන සද.....

53 11 4
                                    

"අප්පච්චි යමුද?"

"යමු පුතා ඉන්න මං කාර් එකේ යතුර අරන් එන්නම්"

පොරොන්දු උන විදිහටම ඉදුවර එක්ක රෑ කෑමට යන්න දේවාන් ඇවිත් ඉද්දි දැන් මේ දෙන්නම ලෑස්ති උනේ ඉදුවර තෝරගෙන තිබුන රෙස්ටුරන්ට් එකට යන්න.

අද හවස සිද්ද උන දේවල් එක්ක ඩ්‍රයිව් කරන්න තරම් මානසිකත්වයක් දේවාන්ට නැති වෙද්දි දේවාන් උන්නේ පැසෙන්ජ සීට් එකේ වාඩි වෙලා ජනේලෙන් එලිය බලන් ලොකු කල්පනාවක.

හවස කන්ඩායම් බෙදලා ඉවර වෙද්දි දේවාන් හිටියේ සීයට අනු පහක් විතර පුදුම වෙලයි.එතකොට අනිත් සීයට පහ.

ඒක මෙහෙමයි ඒ සීයට පහ ඇතුලේ දේවාන් අනන්තවත් ප්‍රාර්තනා කරන්න ඇති එයාවයි රිද්මවයි එක ටීම් එකකට වැටෙන්න කියලා.

පුදුමයක් උනත් දේවාන් නම් හිටියේ ලොකු උද්‍යෝගෙකින්.මොකද දැන් නොහිතපු විදිහට දෛවය එයාට ආයෙම අවස්තාවක් දීලා තියෙනවා.

කන්ඩායම් තෝරලා ඉවර වෙද්දි හවස් උන නිසා හැමෝම ගෙවල් වලට ගියත් අනිවාර්යයෙන්ම හෙට පුහුනුවීම් පටන් ගද්දි දේවාන්ට රිද්ම ඉස්සරහට යන්න වෙනවා.

ඇත්තට හෙට දවස ගැන දේවාන්ට තිබුනේ දෙපැත්තට වැනෙන සිතුවිල්ලක්.රිද්ම ඇත්තටම හෙට ඒවිද?නෑවිත් බෑ මේක විශ්වවිද්‍යාල සිසුන් හැමෝම සහභාගි වෙන වැඩක්.ඒත් අන්තිම මොහොතේ හරි රිද්ම නෑවිත් හිටියොත්....

නෑ දේවාන්ට එහෙම හිතන්නවත් ඕනේ උනේ නෑ.දේවාන් අවංකවම බලන් හිටියේ හෙට එලි වෙනකන්.මෙච්චර කල් දුරින් බලපු ඒ රූපේ හෙට ලගටම බලාගන්න ලැබෙනකන් රිද්ම උන්නේ නොයිවසිල්ලෙන්.

කොටින්ම කියනවනම් රිද්මට හිතුනේ අද වෙලාව යන්නෙත් හරිම හිමින් කියලයි.ඉතින් දේවාන්ගේ ආදරේ හැටි එහෙමයි.

"දේවාන්...පුතා මොකක් හරි අවුලක්ද?"

"අහ්හ් නෑ අප්පච්චි"

ඉදුවරගේ නිවුන කටහඩටයි දේවාන් මේ ලොකෙට ආවේ.එතකොට තමයි දේවාන්ට තේරුනේ එයාල එන්න ඕනේ තැනට ඇවිත් කියන එක.

"මට කියන්න බැරි දෙයක්නම් නොකියා ඉන්න පුතා ඒත් මතක තියා ගන්න ඔයාගේ ඕනෙම දේකට අප්පච්චි ඉන්නවා කියන එක"

වඩින තුරු සද (Non fiction - BL)Where stories live. Discover now