තෙවන සද.....

62 13 3
                                    

"තෙමෙන්න එපා මාත් එක්ක යමු"

තමන්ට එහා පැත්තෙන් ඇහුන කටහඩට රිද්ම එක පාරටම ගැස්සෙද්දි රිද්ම ඉස්සරහට ආවේ අලුත් මූනක්.

"එන්න කැම්පස් එකට නේද යන්නේ මාත් එක්ක යමු"

අලුත් මූන දම් පාට කුඩේ රිද්මටත් එක්ක අල්ලද්දි රිද්මත් ඔලුව හොල්ලලා කුඩේ යටට ආවා.

වැස්ස නිසා පාරේ හැදිලා තියෙන මඩකඩිති වලින් එහෙට මෙහෙට වෙන ගමන් කුඩේ යටින් යද්දි රිද්මට මතක් උනේ එයාගේ අතීතේ.

අමතක කරන්න ඕනෙ උනත් අමතක කරන්න කොහෙත්ම උවමනාවකුත් නැති රිද්මගේ ජිවිතේ ලස්සනම කාලේ.

"සීනු එන්න ලමයෝ මඩේ නටලා ඔයා අසනීප වෙයි.....

කෝ සීනු බලන්න ඔයාගේ ඔලුව හොදටම තෙමිලා....

සීනු මේ අහන්නකො වැස්සේ නැටුවා වගේ නෙමෙයි ඔයා අසනීප උනොත්...."

රිද්ම මේ ලෝකේ අහන්න ආසම කටහඩ මේ වෙද්දි රිද්මගේ ඔලුව ඇතුලේ දෝන්කාර දෙද්දි රිද්ම වේගෙන් ඇස් පිල්ලම් දෙක තුනක් ගැහුවේ ඒ ඇස් වලට උනපු කදුලු එලියට එන එක නතර කරගන්න.

"කොයි ෆැකල්ටි එකේද?"

"අහ්හ් ඩාන්සින් එකේ"

රිද්මගේ කල්පනා ලෝකේ බිදින ගමන් අලුත් මූන අහද්දි රිද්ම උත්තර දුන්නේ වටපිට බලන ගමන්.කල්පනාවෙන් කල්පනාවෙන් එයා කැම්පස් එක ඇතුලටත් ඇවිත්.

"තැන්ක් යූ මම මෙතන ඉදන් යන්නම්"

"නෑහ් ඉන්න මාත් ඩාන්සින් එකට තමා යන්නේ යමු"

රිද්ම දිහාවට නිවුන හිනාවක් දුන්න අලුත් මූන කියද්දි රිද්මත් මුකුත් නොකියා කුඩේ යටින් ඇවිත් ලෙක්ච හෝල් එක ලගට ආවා.

"තැන්ක්....."

රිද්ම ස්තූති කරන්න හිතන් අලුත් මූන දිහා බැලුවත් රිද්මව ඇතුලට ඇරලපු ගමන් අලුත් මුහුන යන්න ගිහින් තිබ්බේ රිද්මවත් පුදුම කරවලා.

.

.

.

"ගියාද..."

ප්‍රධාන ගේට්ටුව අහල පහලම තිබ්බ හෙවනකට වෙලා නිවර්තන එනකන් බලන් උන්න දේවාන් නිවර්තන එතනට එනවත් එක්කම ඇහුවේ අහස දිහා බලන්.

වඩින තුරු සද (Non fiction - BL)Where stories live. Discover now