පලමු මතකය (01)

39 4 0
                                    

පලමු මතකය

" වගීශ් ඔයාට අදත් මල් පොකුරක් තියෙනවා "
එහෙම කිව්වෙ ලමානිවාසේ භාර මැඩම්
මැඩම් හරිම හොදයි ඒත් පෙනුම නම් සැරයි..... කොහොමත් සැර පෙනුමක් තියෙන්න ඕනී ලමා නිවාසෙක කෙනෙක්ට මොකද ලමයි හසුරුවන එක එච්චර ලේසී නෑ

පොඩිකාලේ මන්ම කොච්චර වද දෙන්න ඇත්ද??
මගේ නම වගීශ් ... වගීශ් මිහිරංග
මන් සාමාන්‍ය චරිතයක් ...... රස්සාව photography ... ඒ වුනාට එකේන් තාම හොද තැනකට යන්න ලැබුනෙ නෑ

අනික දැන් මේ ලමා නිවාසෙන් යන්න කාලේ හරී .... මට දැන් අවුරුදු 20ක්

" ආ මෙන්න පුතේ අදත් මේ red roses එවලා ඔයාට "

"මැඩම් අම්මෙ කවුද මේවා එවන්නෙ අනේ මන් මෙහෙට ආව දවසෙ ඉදන් එවනවනේ ..... අනික මන් මේ මල්වලට කැමති නෑ"

" ලමයෝ ඔයාමනේ පුන්චි කාලේ කිව්වෙ red roses වලට කැමති කිව්වෙ .. දැන් මොකෝ එකපාරම ආහ්"

" මගේ අම්මා මගේ උපන්දිනේට අන්තිමේට දුන්නෙ මේවා නිසයි කැමැත්තෙන් හිටියෙ.... මන් හිතුවෙ අම්මා දේවදූතයෙක් අතේ වෙවා එව්වා කියලා..... ඒ මගෙ පුන්චි කාලේ මෝඩ හිත .. දැන් මට තෙරෙනවා මේවා එවන්නෙ වෙන කෙනෙක් කියලා "

"පුන්චි කාලේ සතුටින් බාරගත්තානේ තාම එහෙම කරන්න සමහරවිට ඔය අම්මගෙ දේවදූතය වෙන්න පුලුවන් ලමයෝ"

එහෙම කියන් මැඩම් ගියා හිනාවෙලා..........
ඇත්තටම එහෙම නෙවෙයි නේ..... දේවදුතයෙක් නම් මාව බලන්න කෙලින් මගේ ඉස්සරහට එන්න ඕනී ... මාව රකින්න ඕනී ... බොරුවට හැංගිලා මල් එවන්නෙ


"සර් මන් මල් යැව්වා "

" ම්ම් හොදයි අපි යමු"

" රාජ් සර් වැරිදියට හිතන්න එපා ... ඇයි ඒ කොල්ලට මල් යවන්නෙ හැම අවුරුද්දෙම පෙබරවාරි 10 වෙනිදට"

" නිකම්....... මට ලැබුනෙ නැති දෙයක් එයාට දෙනවා "
" ඔතනින් නවත්තන්න ... මට ගමනක් යන්න තියෙනව ඔයා යන්න "

රාජ් බැස්සෙ heaven grave එක ලගින් .................
කලුමාක්ස් එකක් අරන් දාගෙන කලු ජැකට් එකකුත් දාන් ඇතුලට ගියා

වගීශ් ලමානිවාසෙන් එලියට ආවෙ අර red roses ටිකත් අරන් ...... අද එයාගේ අම්මගෙයි තාත්තගෙයි මරන සංවත්සරේ..... ඒවගේම වගීශ් ගේ birthday එක....

𝗖𝗛𝗔𝗬𝗔𝗔 Where stories live. Discover now