හතරවන මතකය (04)

15 2 0
                                    

හැරිලා බලනකොට කවුරුහරි එතනින් ගියා වගේ හැගීමක් වගීශ් ට ආවා.. ගිහින් බලන්න හැදුවත් කාව්‍ය කතාකරපු නිසා apartment එකට ගියා.

" ආහ් මල්ලි දැන්නේ ආවේ"

"ඔව් සර්"

"සර් කියන්න එපා බන් අයියා කියපන්.. මන් කාව්‍ය "

කාව්‍ය වගීශ්ගේ පිටට තට්ටුවක් දාන් යන්න ගියා

ගෙදර යනකොට ත් රාජ් ගෙදර ඇවිත්

" ම්හ්.... රෑ වෙනවා කිව්වනෙ"

"අහ් නෑ ගියෙ වැඩෙ කලින් ඉවර කරා"

"එහෙමද " වගීශ් වැඩිය රාජ්ට මූන නෝදීම කාමරේට ගියා
යනකොට කාමරෙ වගීශ් ගෙ බඩු විතරයි

" ඔයා ඔයගෙ බඩු ගත්තද "

"ම්ම්"
රාජ් නිකම් අවුලකින් වගේ... මූනත් මැලවිලා වගීශ් ට ඇයි කියලා අහන්න ඕනි වුනත් අහන්න ශක්තියක් නෑ

වගීශ් වොශ් දාන් ආවා ....... ඇවිත් කුස්සියට ගියේ මොනාහරී උයන්න.... අද රාජ් උයලා නෑ

වගීශ් 8.30වෙද්දී උයලා ඉවර කරා.. හොඳ සුවදක් එන්න හොද පෙනුමට උයලා තිබ්බා

" රාජ් කන්න එන්න "

"ඇයි මට "

"අපරාදේ කෑම ඉතුරු වුනොත් "

මොන රෙද්ද වුනත් ඒක ආපස්සට කරන එක මුගෙ කැත ගතියක්  රාජ් එහෙම හිතන් කෑම කෑවා

" කෑමනම් රහයි "

"ඇත්තටම අනේ තැන්ක්ස්"

"මේකට තෑග්ගක් දෙන්නම්... මන් ඔයාට එක ප්‍රාර්ථනාවක් දෙන්නම් ඕනි දෙයක් ඉල්ලන්න "

"අහ්හ්....... දැන්ම එපා පස්සෙ ඕක පාවිච්චි කරන්නම් "

දෙන්නම කාලා ඉවරවෙද්දිත් හොදටම රෑ වෙලා

" පිගන් සෝදන්න උදව් කරන්නම් " රාජ් එහෙම කියන් shirt අත් දෙක වැලමිට ගාවට නැමුවා
එතකොට වගීශ් රාජ්ගේ අතෙ පැල්ලමක් දැක්කා හරියට පිහිපාරක් වගේ

"ඇයි මේ කැපුම් පාරක් "

"ආහ් අත කැපුනා , ඒක දැන් හොදයි ඒත් ඒක කසනවා වගෙ " රාජ් හීමීට ප්‍රශ්නෙන් ගැලවුනා

දෙන්නම වැඩටික ඉවරකරද්දී රෑ 10ත් පැනලා

" ආහ් මහන්සියි " රාජ් කිව්වෙ සෝෆා එකට බරවෙමින්

𝗖𝗛𝗔𝗬𝗔𝗔 Where stories live. Discover now