තුන්වන මතකය (03)

15 1 0
                                    


රාජ් වගීශ් දෙන්නම දැන් ඉන්නෙ එකම ගෙදර ඒ වුනාට දෙන්නම මේදේට කැමති නෑ
කාව්‍ය මේවිදිහට වගීශ් ට දුන්නෙ රාජ්ගේ apartment එකනේ ඉතිං


"Good morning " වගීශ් කිව්වෙ නැගිට්ට ගමන්ම ඒ වෙනකොට රාජ් නැගිටලා කෑමත් කාලා phone එකට වෙලා ඉන්නවා

"Morning" රාජ් කිව්වෙ වගීශ් ව ගානකටවත් නොගෙන
.
"හහ් good කියන්න බැරිද, කටේ පිට්ටුද"

"මට ඕනී නිසා කිව්වෙ දැන් ප්‍රශ්නයක් ද , අනික ඔයාට ගුඩ් මෝර්නින් ගගා හුරතල් වෙන්න මට කිසිම ආසාවක් වුවමනාවක් නෑ ඔයා මගෙ කවුරුත් නෙවෙනේ"

රාජ් එහෙම කියන එක අහන් හිටපු වගීශ් විනාඩියක නිශ්ශබ්දතාවකින් ඉදලා එතනින් ගියා
රාජ් නෙවේ ඔලුව උස්සලා බැලුවෙවත්

වගීශ් වොශ් එකක් දාන් ඇවිත් උදේට කෑමවත් හදන්නෙ නැතුව ඇදුමක් දගේන තමන්ගේ රස්සාවට යන්න ලැහැස්ති වුනා

" කන්නෙ නැද්ද තමුන් " රාජ් ඇහුවෙ වගීශ් එලියට යන්න හදද්දී

" ඉතින් ප්‍රශ්නයක් ද නෑනේ පාඩුවේ ඉන්නවා "
එහෙම කිව්වෙ උදෙන්ම රාජ් දාපු ලොකුකම ට පලිගන්න හිතාගෙන

" එහෙනම් යනවා මට මොකද " රාජ් එහෙම කියලා පුටුවෙන් නැගිටලා කාමරේට ගිහින් හෙන සද්දෙන් දොර වහගත්තා

" තමුන් මගේ කාමරේට ගියා වගේ නෙවෙයි හවස් වෙද්දී ඕකෙන් අයින් වෙනවා " වගීශ් එහෙම කියන් ගෙදරින් ගියා...



" Good morning වගීශ් "
" morning "

"මොකෝ නිකම් කෑල්ල දලා ගියාවගේ ඉන්නෙ"
මෙහෙම හැකරෙට කියවන්නෙ වගීශ් එක්ක වැඩකරන එයාගේ යාලුවෙක් වෙච්ච මීනූ , මිනෝලී සන්ධ්‍යා

" අනේ මීනූ මේ උබ දන්නවානෙ මට කවුරුත් එහෙම නෑ කියලා "

" හරි හරි බන් ඇයි මේ mood out වෙලා උදෙන්ම"

"අනේ බන් ඊයේ apartment එකකට ගියා..........................................................................................."

වගීශ් මුලු විස්තරේම මීනූට කිව්වා

මීනූ ඒක අහන් ඉදලා හයියෙන් හිනාවෙන්න ගත්තා

" ඇයි බන් හිතක් පපුවක් නෑ වගේ හිනාවෙන්නෙ "

" මේ මන් එන්නද ගෙදර නවතින්න "

𝗖𝗛𝗔𝗬𝗔𝗔 Where stories live. Discover now