Chapter 01

111 17 18
                                    

මිනිස්සු අතරින් මේ විදිහට ඇවිදන් යන මම කවුද කියලවත් මට තේරෙන්නෙ නෑ.. මම කවුද මට මොනවද ඕනෙ..

මීට සති කීපෙකට කලින් වුනු ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ.. මට ටික කාලෙකට ස්කූටි බයික් එක අයින් කරන්න සිද්ද වුනේ ඒකට හේතුව හැමෝටම රහසක් වෙද්දි..

ජීවිතේ කියන්නෙ මොකක්ද..?

මොකටද අපි ජීවත් වෙන්නෙ..?

'මේ හැමදෙයක්ම තවත් එක සංකීර්ණ මාතෘකාවක් විතරයි' කියල තවත් වෙලාවකට මගෙ හිත මට කියනවා..

ජීවත් වෙන එක ඇයි මෙච්චටම අමාරු..?

ඔය වගේ ප්‍රශ්න දාහකින් මගෙ හිත පිරිල ගිහිල්ලා.. ඒ නිසාම මට මාවත් දැනෙන්නෙ නැතුව ගිහින් වගේ..

ජීවිතේදි මට තාමත් කිසිම දෙයක් ලැබිල නෑ.. මට මොනවද පුළුවන් අනිත් අයත් එක්ක බැලුවම ඒ හැමෝම දක්ෂයි.. උත්සහවන්තයි.. සුබවාදී..

එතකොට මම..

මම ඒකෙ අනික් පැත්ත.. තියෙන දේත් නැති කර ගන්නවා.. මම මොකෙක්ද කියල හිතෙනවා..

මම කලිසම් සාක්කුවේ තිබ්බ පොඩි බෝතලෙන් එළියට ගත්ත පෙති කීපයක් බිව්වෙ මිනිස්සු මැද තනි වෙලා ඉන්න කොටමයි.. බෙහෙත් වල සැරට ආයෙත් ටික වෙලාවකට ඔලුව රිදෙන්න ගනිද්දි මන් අත් දෙකෙන්ම ඔලුව අල්ල ගත්තා..

ඒත් කිසිම කෙනෙක් නෑ...

කාටවත්ම අහන්න ඕනි නැද්ද ටිකක් හරි කාරුණික වෙලා 'ඔයා හොදින්ද?' කියල.. එහෙනම් ඒ ගැන බොරු බලාපොරොත්තු තියා ගත්ත මම මහ මෝඩයෙක්..

නානාප්‍රකාර දේවල් වලින් හිත පිරෙද්දි මට කරන්න පුළුවන් එකම දේ ඒක පලනය කර ගන්න බෙහෙත් ගන්න එක විතරයි..

ඒ සෝශල් ෆෝබියා වලට ගන්න බෙහෙත්.. ඒත් ඒකට විතරක් නෙවෙයි තව ගොඩක් දේවල් වලට මට බෙහෙත් ඕනි වුණා..

ටිකකින් මට යන්න ඕනි තැනට ආවම මම හදිස්සියක් නැතුවම ඇතුලට ගියා.. මම යනකොටත් අනිත් අය හැමෝම ඇවිත් හිටියා..

"මොකද යුංගියා පරක්කු වුනේ..?"

ප්‍රැක්ටිස් රූම් එක පේන මානෙට එද්දිම හම්බුනු ජින් හියොන් එහෙම අහද්දි යන්තම් හිනාවක් විතරක් මම දුන්නෙ කතා කරන්න තරම් හයියක් මට නොතිබ්බ නිසා..

Turning Point || MYG✔Where stories live. Discover now