Chapter 06

62 14 2
                                    

ජින් හියොන්ගෙ අතේ තිබ්බ ෆෝන් එක බිම වැටුනා.. එයා මන් දිහා ඇස් ලොකු කරන් බලන් හිටියා.. ඒ ක්ශනයෙන් මන් පිහිය මට තවත් ළන් කරා..

"මනුස්සයො මොකක්ද උඹ මේ කරගන්න ගියේ යුංගි??"

ඉක්මනට මන් ළගට ඇවිත් මගෙ අතේ තිබ්බ පිහිය අල්ල ගත්ත හියොන් එහෙම කිවුවම මම ගොඩක් අසරණ වුණා..

"හියොන් මට තවත් මේක කරන්න බෑ.. මට මැරෙන්න දෙන්න.."

මම හියොන් අල්ලන් හිටපු පිහිය ආයෙමත් උදුර ගන්න හදන ගමන් කියද්දි මට දැනුනා මගෙ මූණ දිගේ කදුලු ගලාගෙන ‌යනවා.. ඒත් මේ අන්තිම මොහොතෙ මගෙ කදුලු වලට ඔනෙ තරමක් ගලපුදෙන්..

"අනේ යුංගියා.."

මගෙ අත් ටික ටික ලිහිල් වෙද්දි ජින් හියොන් පිහිය අරගෙන පැත්තකට වීසි කළා.. එවලෙම මම ඇදේ අනිත් පැත්ත හැරුනෙ හියොන්ට පිටුපාල..

"මේ අහන්න.. මන් දිහා බලන්න යුංගියා.. කෝ මන් දිහා බලන්න.. යා මින් යුංගි මේ පැත්ත හැරෙන්න.."

හියොන් මට කොච්චර කතා කළත් මම හියොන්ගෙ පැත්ත හැරුනෙ නෑ.. 

ඒත් අන්තිමේ යුංගියා කියල හැමදාමත් මට ආදරෙන් කතා කරපු හියොන් මට මගෙ මුලු නමින්ම කතා කරද්දි මට ඒ පැත්ත නොහැරී ඉන්න බැරි වෙනවා..

"හියොන් කියනදේ ඇහෙනවනෙ.."

හියොන් එහෙම ඇහුුුවම මම එයාගෙ ඇස් දිහා බැලුවා..

"මට ඔයාව තේරෙනවා යුංගියා.. අවුරුද්ද වෙනස් වුනාට තමුන් මට වඩා මාස තුනයි බාල.. ඒ වුනත් ඔයා මටත් වඩා ශක්තිමත් කොල්ලෙක් යුංගි.."

එහෙම කියල හියොන් ආයෙමත් මගෙ අත් වලින් අල්ල ගත්තා..

"තනියම තමන්ගෙ පවුලේ අයවත් දාල මේ විදිහට සෝල් එන්න.. එහෙ ඇවිල්ලත් ඔක්කොම වැඩ කරන ගමන් පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න..

නෑ යුංගි නෑ.. මට ඒ වැඩේ කොහොමටවත් කරන්න බෑ..

මන් දන්නවා ඔයාට සිද්ද වුනු හැමදෙයක්ම.. ඔයාට මෙහෙම වෙන්න හේතුව ඒක වෙන්න ඇති නේද?

දුක් වෙන්න එපා යුංගියා ඔයාට මම ඉන්නවා ඔයාගෙ මල්ලිලා පස් දෙනා ඉන්නවා..

Turning Point || MYG✔Where stories live. Discover now