AN

75 11 23
                                    

කතාවක්..

ඔව් මේක කතාවක් මන් හිතින් හදපු දෙයක් විතරයි.. මේකෙ තියෙන දේවල් ඇත්තටම වුනත් ඒ දේවල් සිද්ද වුනේ මම මේ ලියපු විදිහටයි කියල මට කියන්න බෑ.. මම අනුමාන කරල ලියපු ප්‍රභන්දයක් විතරයි මේක..

මම අයිඩොල්ගෙ ජීවිතේ ගැන වැරදි දෙයක් මේක ඇතුලෙ නොකරන්න ඇති කියල හිතනවා..

මම මේ කතාව මෙතනින් නවත්තන්නම්.. මේ යුංගිගෙ ජීවිතේ වුනු පොඩි සිද්දි ටිකක් විතරක් එකතු කරල හදපු කතාවක් විතරයි.. තව මහ ගොඩක් දේවල් සිද්ද වෙන්න ඇති.. තව හිතා ගන්න බැරි තරම්ම පල්ලෙහාට කඩා වැටිල ඇති.. යුංගි විතරක් නෙවෙයි අනිත් මෙම්බර්ස්ලත්.. ඒවා අකුරු වලට හරවන්න බැරි තරම් වෙන්න පුළුවන්..

මේක ලියන්න මට ගොඩක් අමාරු වුණා.. යුංගිගෙ ප්‍රශ්න එකක් නෑර මම ටයිප් කරද්දි මට දැනුනා මමත් යුංගි වගේ ශක්තිමත් වෙන්න ඕනි කියලා.. මට තියෙන පොඩි ප්‍රශ්න වලට ගොන් විදිහට දුක් වෙන මන් මහ දුර්වලයෙක් කියල..

Agust D Album by Agust D 2016
Amydala Song by Agust D 2023

ඔන්න ඔය උඩ තියෙන දෙකින් තමයි මන් මේ කතාව ලියන්න අදහස් ගත්තෙ.. ඒ වගේම යුංගි සමහර තැන්වල කියපු දේවලුත් මන් උපයෝගී කර ගත්තා..

Social phobia
OCD
Depression

මේ තියන රෝගී තත්ව තුනම අපේ යුංගි මුහුණ දුන්න රෝග.. මම මේ හැම රෝගයක් ගැනම හොදට හොයල බැලුවා.. ඒවල රෝග ලක්ෂණ අනුව තමයි මන් මේක ලිව්වෙ.. ඒක ඔයාලට තේරෙන්න ඇති කියල මන් හිතනවා..

එහෙම නැත්නම්...

යුංගිට ඩිප්‍රෙශන් තියනවනෙ.. ඒකෙ එක ලක්ෂණයක් තමයි වෙලාව යනව තේරෙන්නෙ නැති එක..

යුංගි තැන් කීපයකදිම කෙනෙක්ට කතා කරනවා.. ඒ කතා කළේ කාටද කියල ප්‍රශ්න තියනව නම් ඒක ඇත්තටම ocd කියන රෝගයේ ලක්ෂණයක්.. තමන්ගෙ හිතම තමන්ට බලපෑම් කරන්න ගන්නවා.. තමන්ට කරදරයක් වෙයි කියල අධික ලෙස බිය වීමත් එහෙමයි..

මේ කිසිම රෝගයක් එච්චර හොද ඒවා නෙවෙයි.. විශේෂයෙන්ම ocd මුලු ජීවිත කාලෙටම ලේසියෙන් සනීප වෙන ලෙඩක් නෙවෙයි.. මේව යටපත් කරනවා ඇරෙන්න නැත්තටම නැති කරන්න අපිට බෑ..

Turning Point || MYG✔Where stories live. Discover now