Chapter 07

65 13 2
                                    


IN 2016

එදා අපිට එකට නටපු සින්දු කියපු එකට කාපු එක කාමරේ හත් දෙනෙක් එකට වැටිල නිදා ගත්තු ඒ පුංචි නවාතැන..

මම ඇවිත් හිටියෙ අපේ පරණ ඩෝර්ම් එකට..

අපේ ලස්සන මතක වල පාට වලින් මෙතන පිරිල ගිහිල්ලා..

එදා ඩේගු වල ඉදම් හිතුවක්කාර කමින් හීන හැබෑ කර ගන්න ආපු අවුරුදු දාහතේ කොල්ල අද සාර්ථක මනුස්සයෙක් වෙලා..

එදා ඩොක්ටර් කිව්වා..

මගෙ වම් උරහිසේ තියෙන ලැබ්රම් එක ඉරිල ගිහින් කියල එක නිසා මට මේ වේදනාව සර්ජරි එක කරනකම්ම අඩු වෙන එකක් නෑ කිව්වා..

ඒත් කමක් නෑ.. මම ඩේගු වල කෙනෙක්.. මම ශක්තිමත්.. මට පුළුවන් ඒක දරා ගන්න..

මම එහෙම හිතුවා.. මම අනිත් අයටත් කිව්වා.. විවේකයක් ලැබුනම සර්ජරි එක කරමු කියල එතකම් මට ඉවසන්න පුළුවන් කියල..

ජින් හියොන් එදා කිව්වා වගේම මම වැඩ කළා.. මම මහන්සි වුණා.. මගෙ උපරිමයෙන්ම...

අපේ අන්තිමට කරපු කොන්සර්ට් එකට මගෙ අප්පයි ඔම්මයි හියොනුයි ආවා.. මගෙ සතුට නිම් හිම් නැති වුණා.. මට එවලෙ හිතුනෙ දැන් මම මැරිල ගියත් කමක් නෑ කියලා..

එයාල රැප් වලට කැමති අය වුනේ නෑ.. මියුසික් කියන්නෙ ජීවත් වෙන්න අවිනිශ්චිත දෙයක් කියලයි එයාල හිතුවෙ.. අන්තිමේ මන් අවුරුදු දහතුනේ ඉදම් දැකපු මගෙ හීනෙ එයාල පිළි ගත්තා..

මම ස්ටේජ් එක උඩ බිම දන ගහල ඇඩුවා.. මම මෙච්චර කල් මහන්සියෙන් හෙව්ව මගෙ සතුට වුනේ ඒක.. අවසානයේ මට මන් ගැන තෘප්තිමත් වෙන්න පුළුවන් වුණා..

මට විශ්වාසයි එදා මට ඒ දැනුනු දේ ආයෙත් සැරයක් ආයෙමත් සැරයක් විදින්න ලැබෙයි කියල..

මේ හැමදෙයක්ම අපිට දෛවයම තෑගි කරපු ආමිල නිසා වුන මායාවක් කියලයි අපි හත් දෙනාම හිතන්නෙ..

මම මගෙ පළවෙනි ඇල්බම් එක මම රිලීස් කළා.. මම ඒක ගැන සතුටුයි.. තාමත් මට සම්පූර්ණයෙන් හොද නෑ.. ඒත් මන් බලාපොරොත්තු වෙනවා ලස්සන අවසානයක්..

මට දැන් මගෙ ගමන පැහැදිලියි.. මම මගෙ පාර කපා ගත්තා..

මිනිස්සු කියන දේවල් වලින් දැන් මට වැඩක් නෑ.. උන්ගෙ කුණු උන් ගාවම තිබ්බ දෙන්..

දැන් මට හිතන්න වෙන ගොඩාක් අය ඉන්නවා..

මගෙ සහෝදරයො.. අපේ ආමිලා.. එයාලම ඇති මට..

ඉස්සරහට මට ප්‍රශ්න එයි.. ඒත් මම දැන් ලෑස්ති වෙලා ඉවරයි ඒවට මුහුණ දෙන්න..

මම මින් යුංගි..







________________________________

________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Turning Point || MYG✔Where stories live. Discover now