Chapter 04

57 14 0
                                    


ඒ වෙලාවෙයි මම දැක්කෙ පීඩී නිම් එක්ක තව කෙනෙක් අපි දිහා බලන් ඉන්න විදිහ.. මට එච්චර හොද හැගීමක් දැනුනෙ නෑ..

ටික වෙලාවක් යද්දි මට එළියට එන්න කියල කිව්වා.. මම හිටියෙ පොඩි තැති ගැන්මකින්..

"යුංගියා හැමදේම හොදින්ද?"

"දේ පීඩී නිම්"

"ඒත් අපි ළගකදි ඉදන් ඔයාගෙ වෙනසක් පේනවා.. ප්‍රැක්ටිස් කරන්නෙ අඩුවෙන් කලින්ටත් වඩා බෙහෙත් ගන්න අරන්.."

"මන් ඔයාට කිව්වනෙ පීඩී නිම් මාව පඩිපෙළින් වැටිලා උරහිස තුවාල වුනා කියල.. දැන් ඒක අවුලක් නෑ.."

"එහෙනම් මේ මොකක්ද!?"

පීඩී නිම් පෙන්නුවෙ මගෙ ඇක්සිඩන්ට් එකේ සී සී ටී වී ෆොටෝස් වගයක්.. මම කල්පනා කළේ හැප්පුන කාර් එකේ ඩ්‍රයිවර් ගැන.. ආහ් ඒ කාලකන්නියා මට පොරොන්දු වුණා ඒක එතනින් ඉවර කරන්න..

"අ... පීඩී... නි..ම්.."

"යුංගි ඇත්ත කියන්න.. මොකක්ද වුනේ.."

මම නිහඩයි ඇත්ත කියන්න මට කිසිම කැමත්තක් නෑ..

"මම තව එක පාරයි අහන්නෙ මොකක්ද වුනේ?.."

පීඩී නිම් ආයෙත් ඇහුවා.. එයාගෙ කෑ ගැහිල්ලට මගෙ ඇස් ගැස්සුනා.. තවත් හන්ගල වැඩක් නෑ කියල මට එවලෙ තේරුම් ගියා..

"පීඩී නිම් ඒක පොඩි ඇක්සිඩන්ට් එකක්.. මට ලොකු අවුලක් නෑ.."

"යුංගි මිස්ටර් මින්ට කොහොමද දැන්?"

පීඩී නිම් අප්පා ගැන අහද්දි මට පුදුම හිතුනා.. එක පාරටම මාතෘකාව වෙනස් කළේ ඇයි.. මොකද ඒ..

"කියන්න තරම් හොදක් නෑ පීඩී නිම්.."

මම එහෙම කිව්වෙ අප්පට තියෙන කැන්සර් එක ගැන පීඩී නිම්ට කියන්න අපහසු වුන නිසා..

"අපි මේක ගැන තීරණයක් අරන් ඔයාට කියන්නම් යුංගි.."

පීඩී නිම් එහෙම කියල අර ආපු හාදයා එක්ක යන්න ගියා..

එහෙනම් මේකද ඒ.. මෙතනින් හැමදේම ඉවරද.. එයාල මාව හොස්පිට්ල් එක්කන් ගියොත් අනිවාරෙන් හැමදේම දැන ගනී..

අපිට ඩෙබීයු වෙන්න වැඩි කාලයක් ඇත්තෙ නෑ.. මාව එයාල අයින් කරයිද..

Turning Point || MYG✔Место, где живут истории. Откройте их для себя