Episode 03

63 12 7
                                    

විනුජ එකපාරටම මගේ මූණ පැත්තට ආවෙ මට මොකක්ද වෙන්නෙ කියලා හිතාගන්න බැරි වෙනකොට....ටිකකින් එයාම හයියෙන් හිනා වෙලා

"බය උනානෙ....කෝ අර කට ෆෝන් එකෙන් තියන....මහ ලොකු පණ්ඩිතයා"

කීවේ මාව ලැජ්ජාවෙන් රතු කරමිනි. මට හිතාගන්න බැරි මේ මනුස්සයා ගාව මං මෙච්චර ලැජ්ජාවෙන් ඇඹරෙන්නෙ මොකද කියලා. මං එයාව ගනන් ගන්නෙ නැතුව ආයිමත් කැන්ඩි ක්‍රශ් ගහන්න ගත්තේ එයාට පොඩ්ඩක් රවල බලලා. එතකොටම මැඩම් ආවත් මේකෙ වැඩකට ඇති දෙයක් කියන්නෙ නැති නිසා මං දිගටම ගේම් ගහ ගහ හිටියේ විනුජ මං දිහා පුදුමයෙන් බලන් ඉන්නකොට....මොකද එයා හිතන්න නැතුව ඇති මං ඒ වගේ ඒවා කරනවා කියලා.මාව දැක්කම කාටවත් එහෙම පේන්නෙ නැති නිසා.හරීම උනන්දුවෙන් ඉගෙන ගන්න වැඩ විතරක් කරන අහිංසක ලමයෙක් කියලා හිතනවා ඇති....මං එහෙම නෑ හැබැයි...ස්කෝලෙ යන කාලෙ මං තරම් නසරානි එකෙක් කොහෙවත් ඉන්න නැතුව ඇති...එහෙමයි කියලා ඉගෙන ගන්නෙ නැතුව හිටියෙත් නෑ හැබැයි😉 කොහොම උනත්
විනුජ එකපාරට මගෙ ෆෝන් එක අරන්

"මැඩම්ට කියනවා මං ඔයා ගේම් ගහනවා කියලා මං දිහා බැලුවේ නැත්තන්...."

කිව්වෙ මට "මේ ගෙම්බගෙ මොනවා බලන්නද කියලා හිතෙනකොට....එයා හැන්ඩ්සම් තමයි...එහෙමයි කියලා බලාගෙන ඉන්න ඕනි නෑනෙ...නෑ ඉතින් ලස්සන දේ අගය කරන්න එපැයි"....🤭
විනුජගෙ එකම විකාරයයි එතන...මගෙ අතේ අත වද්දනවා...වතුර නැද්ද අහනවා....නිදි මතයි කියනවා..රටේ නැති ලෙඩ ඔක්කොම තියනවා එයාට ඒ වෙලාවෙ....අන්තිමට ඒක ඉවර වෙලා හොස්ටල් යන්න හදනකොට විනුජ "ඉන්න මාත් එනවා මගට " කියලා මගෙ පස්සෙන් එන්න ගත්තෙ එයාගෙ යාලුවො රොත්තත් එක්ක...ඔක්කොම එකයි....මල වාත සෙට් එකක්....
මගේ යාලුවෝ ටිකත් අමුතු විදිහට බලන්න ගත්තෙ කොල්ලෙක් මොකද පස්සෙන් එන්නෙ කියලා වෙන්න ඇති...මං මට නෙවෙයි වගේ ආවත් උන් ඔක්කොම දන්නවා මගෙ පස්සෙන් තමයි එන්නෙ කියලා...අන්තිමට හොස්ටල් එක ලගටම ඇවිත් මහ හයියෙන් බෙරිහන් දීලා

"මං යනෝ සුදෝ"

ගෑවෙ මට එතනින් ඇතුලට පොලව හාරගෙන යන්න හිතෙනකොට....
හොස්ටල් ගිය වෙලේ ඉදලා කෝල් ගන්නවයි මැසේජ් එවනවයි මගෙ ෆෝන් එකට නිවනක් තිබ්බෙ නෑ....මැසේජ් කර කර ඉන්න ගමන් විනුජ එකපාරට

"මං ඔයාට ප්‍රපෝස් කරන්න ඕනිද?"

කියලා ඇහුවෙ මාව පුදුම කරලා...

"පිස්සුද අනේ ඔක්කොම බලයි මේ මොකක්ද කියලා...අනිත් එක මං හැමෝම ඉස්සරහ බෑ කිව්වම ඔයාටම තමයි ලැජ්ජාව"

කියලා යාන්තම් ඒකෙන් ගැලවුනේ මූට පිස්සුව හොදටම තද වෙලා කියලා හිතන ගමන්....ඒත් විනුජ ඒක අතාරින්න ලෑස්ති නෑ කියලා හිතුනෙ එයා ආයි ආයි ඒක අහන්න ගද්දි...මං බැරිම තැන කිව්වෙ

"හරි පුලුවන් නම් කරන්න බලන්න"....

කියලා.... මොකද මං කීයටවත් හිතුවෙ නෑ කොල්ලෙක් තව කොල්ලෙක්ගෙන් ඔහොම දෙයක් හැමෝම ඉස්සරහ අහයි කියලා....
පහුවදා ඉන්ටර්වල් එක වෙනකල් විනුජගෙ කිසිම සද්දයක් තිබ්බෙ නැත්තේ මගේ හිත සන්සුන් කරලා...මොකද විනුජ මැසේජ් කරද්දී ,කෝල් කරද්දී,එයාව දකිනකොට මගේ බඩ කැලතෙන්න අරන් තිබ්බෙ මට හේතුවක් හිතාගන්න බැරි වෙනකොට....මන් කොච්චර කච කච ගානවා උනත් විනුජ ඉන්නකොට මට වචනයක්වත් කියා ගන්න බැරි වෙන්නෙ මට ඒක ලොකු ප්‍රශ්නයක් වෙද්දි....
ඉන්ටවල් එකේ යාලුවෝ ඔක්කොම එක්ක කෑම කකා ඉන්නකොට එක පාරට මැසේජ් එකක් ආවාම මං කව්ද කියලා බැලුවා....බලන්කොට විනුජ....

"කොහෙද ඉන්නෙ"

කියලා අහල තිබ්බ නිසා මං කිව්වා කැන්ටින් එකේ ඉන්නෙ කියලා...

හරි....

කියලා විතරක් එවලා ඔෆ්ලයින් ගියේ මේ මනුස්සයාට මොකක්ද වෙලා තියෙන්නෙ කියලා හිත හිත මං කෑම කනකොට...මං බත් කටක් කාල ඔලුව උස්සන්කොටම මෙන්න මේ මනුස්සයා යාලුවොත් එක්ක එතන....මගේ යාලුවෙක්ට එහාට යන්න කියලා මගෙ ඉස්සරහින් වාඩි උනාම...මට දාඩිය දාන්න ගත්තෙ මොකක්ද මේ කරන්න යන්නෙ කියලා.... මං දිහා ටිකක් වෙලා බලාගෙන ඉදලා ඇහුව දේ......

To be coNTINUED.....
මං ලියන විදිහ පොඩ්ඩක් වෙනස් කරා...අවුලක් නෑ නේද????🥺

Are u only mine???🥀❤️Where stories live. Discover now