Episode 06

31 7 3
                                    

     හොස්ටල් ගිහින් ෆෝන් එක අතට ගන්නකොටම විනුජගෙන් කෝල් එකක් කියලා දැක්කත් මට ඒක ගන්න හිතක් නොතිබුනත් දවල් එයා මං ගැන වද උන විදිහ මතක් උනාම මට ආන්ස්වර් නොකර ඉන්න එක මානුශීය නෑ කියලා හිතුනා.මං ඒක ආන්ස්වර් කරනකොටම 

මැණික ඔයා හොදින් නේද...ඇයි දවල් මගෙ කෝල්ස් වලට ආන්ස්වර් නොකරෙ...මං බය උනා හොඳටම...කෑවෙත් නෑනෙ දවල්ට...

කියලා කියාගෙන ගියේ මටත් දුක හිතෙනකොට...ඒත් මට එයාට එක පාරට කැමති වෙන්න නොහිතුනේ එක පාරකුත් ආදරේ කියලා රැවටිලා හිටිය නිසා වෙන්න ඇති කියලා මට හිතුනා. ඒත් එයා මං ගැන worry වෙන විදිහ දැක්කම මට බනින්න හිතුනෙත් නෑ....ඒ නිසා මං

නෑ මල්ලි...එහෙම ප්‍රශ්නයක් නෑ

කිව්වෙ මල්ලි කියන එකට එයාගෙ reaction එක බලන්නත් එක්ක. හිතුනා වගේම ඒකට එයාට කේන්ති ගියේ

එක බැජ් එකේ මල්ලිලා ඉන්නවද...මගෙන් අහගන්න එපා මොනවත්....

කියලා මට බනින ගමන්...කොහොම උනත් මං කොච්චර එයාව ගනන් නොගෙන තනි වචනෙන් උත්තර දුන්නත් එයා කෝල් එක කට් කරේ නෑ වගේම මට ආදර කතා කියන එක නැවැත්තුවෙත් නෑ....මාත් ඒවට අකමැත්තක් නෑ කියලා මට තේරුම් ගියත් කෙනෙක්ට කැමති හිතෙන්න තරම් කාලයක් අපි දෙන්නා අදුරන්නෙ නැති නිසා මං ඒ ගැන ගොඩක් හිතන්න ගියේ නෑ.
********************************

පුරුදු විදිහටම දවස් ගානක් ගෙවිලා ගියේ විනුජ මගෙ පස්සෙන් එන එක කවදාවත් නතර නොකරද්දි.ඒ වගේම අපි දෙන්න හවසට හොස්ටල් ගිහින් කෝල් කරන එක අපේ රූම් එකේ උන්ට වගේම මටත් සාමාන්‍ය දෙයක් වෙලා තිබ්බේ මමත් එයාගෙන් කෝල් එකක් බලාපොරොත්තු වෙනකොට....අනිත් එක තමයි මං එයා ගාව හුරතල් වෙනවා කියලා මටම තේරුනත් ඒක නවත්තගන්න මං දැනගෙන හිටියෙ නෑ....
       එයා මගෙන් කැමතීද අහලා සති තුනක්ම ගෙවිලා ගිහින් තිබ්බත් මං එයාට තාම උත්තර දීලා තිබ්බෙ නෑ...ඒත් එයාට තේරෙන්න ඇති මගෙ අකමැත්තක් නැති බව...එයාගෙ අම්මයි තාත්තයි දෙන්නම් professors ලා වෙනකොට එයාට අක්ක කෙනෙක් හිටියා කැම්පස් ඉන්න.....අපේ අම්මා ඩොක්ටර් කෙනෙක් වගේම තාත්ති ASP කෙනෙක් උනා....අයියා MEDICAL STUDENT කෙනෙක් වගේම අක්කා නැටුම් ටීචර් කෙනෙක් උනා....අපේ පවුල් වල කිසිම නොගැලපෙන බවක් මට නොතේරුනේ ඒ ප්‍රශ්නෙ නිසා අපේ Relationship එක unstable වෙන්න තියන සම්භාවිතාව අඩු වෙද්දි...ඒත් මට අපේ තාත්ති මේකට කැමති වෙයි කියලා කිසිම විශ්වාසයක් තිබුනෙත් නෑ....මොකද එයා ගොඩක් සැර කෙනෙක් නිසා....

********************************
        කොහොම හරි වැලන්ටයින් දවසට අපේ කැම්පස් එකේ ප්‍රෝග්‍රෑම් එකක් තියනවා කියලා කලින්ම කියලා තිබ්බත් මට ඒකට යන්න ලොකු උනන්දුවක් තිබුනේ නෑ...ඒත් විනුජ මට එන්න කියයි කියලා පොඩී බලාපොරොත්තුවක් තිබුනේ නැත්තෙමත් නෑ....13 වෙනිදා දවල් ඉන්ටර්වල් එකේදී කැන්ටින් එකේ කෑම එක අරන් ඉදගන්නකොටම විනුජ ඇවිත් මං ලගින් වාඩි උනේ එයා මගෙන් කැමැත්ත අහපු දවසින් පස්සෙ කැන්ටින් එකේ මං ගාවට ආව මුල්ම දවස ඒ දවස කරලා....
     මං ගාවින් ඉදගත්ත එයා මගෙ කන ලගට ඇවිත්

සේශ් බබා, එනවා නේද හෙට හවස????

කියලා ඇහුවේ මං ගාව ඉදගන් හිටිය ඉශාර යි භාතිය යි දෙන්නම හිනාව හිර කරගෙන අමාරුවෙන් ඉන්නකොට....මං පුදුමයෙන් එයා දිහා බැලුවෙ එයා මට කියපු නම නිසා....එයා ගානක් නැතුව ඉන්නවා උනත් මට කියන්න ඕනි දේවලුත් අමතක උනේ එයාගෙ හිත හිරිවැටෙන බැල්ම නිසා....මං ඉක්මනින් අහක බලාගත්තේ මගෙ heart beat එක වැඩිවෙන්න ගත්ත හින්දා....ඊට පස්සෙ අමාරුවෙන් "හ්ම්ම් "කියලා කියාගන්න තරම් හයියක් එකතු කරගන්න මට පුලුවන් උන එක ගැනත් මට සතුටු හිතුනෙ එයාගෙ උණුසුම් හුස්ම මගේ කනට වැදෙන තරම් එයා මගෙ ලගින් හිටිය නිසා.... මං එහෙම කිව්වම එයා එක පාරට....

TO BE CONTINUED 🙂 ගොඩක් දවසකින්....😒 සොරි ලමයි🙂

Are u only mine???🥀❤️Where stories live. Discover now