EPISODE 07

31 6 6
                                    

       එකපාරටම එයාගෙ මූණ මගෙ මූණ ලගටම ආවෙ මං බයටම ඇස් දෙක පියාගෙන තද කරගන්නකොට...ඒ උනාට මොනවත් උනේ නැති නිසා මං ඇස් අරිනකොට විනුජ හිනා වෙලා කිව්වෙ

බය වෙන්න එපා සේශ් මැණික මං ඔයාව මෙතන කීයටවත් කිස් කරන්නෙ නෑ කියලා...

මට දැනුනේ පොලව හාරගෙන යන්න තරම් ලැජ්ජාවක්...ලැජ්ජාව වැඩි කමට මං එයාට ගස්සලා අහක බලාගත්තෙ කරන්න දෙයක් තවත් ඉතුරු වෙලා නැති නිසා...එහෙම කියලා එයා යන්න ගියේ මගෙ ඉතුරු වෙලා තිබ්බ සායමත් හෝදගෙනම....එයා ගියත් මං බිම බලාගෙනම හිටියෙ දැන් මගේ පාප මිතුරො රැල අහන ඒවට උත්තර දීගන්න බැරි වෙන හින්දා....එහෙමයි කියලා උන් ටික මාව අතඇරියද....නෑනෙ....මුලින්ම ඉශාර

ආ සේශ් බබා....ඉතින් කන්නෙ නැද්ද??

භාතිය ,

නෑ බං කුමාරයා ඇවිත් කවනකල් ඉන්නෙ....නේද සේශ් මැණික ????....

දෙවියනේ😒😒😒 මුන්ට පිස්සුද නැත්තන් මට පිස්සුද කියලා මට හිතාගන්න බෑ...ඕනි මගුලක්🙂
කොහොම හරි 14 හවස වෙනකොට මටත් පොඩී බයක් ආවෙ මං ගියාම විනුජ කොහොම හැසිරෙයිද කියලා දන්නෙ නැති නිසා...
     හවස 5ට විතට අපි ඔක්කොම හොස්ටල් එකෙන් ආවෙ ප්‍රෝග්‍රෑම් එක තියන තැනට....ඇවිත් ගල් බැම්මේ වාඩි වෙනකොටම විනුජ එක පාරටම කෑ ගහගන ආවේ

මගෙ සේශ් මැණික ආවද කියලා....

මං ඒක ඇහුනේ නෑ වගේ හිටියෙ අනිත් උන් මගෙ නමේ ඒ කොටස දන්නෙ නැති නිසා....අපේ උන් ටික මට කින්ඩියට වගේ හිනා වෙනකොට මට අද දවස ඇතුළත සිය වෙනි පාරටත් වැලලෙන්න හිතුනා... විනුජ මං ගාවටම ඇවිත් අනිත් උන්ගෙ පැත්තට හැරිලා

මේ ඉන්නෙ මගෙ වෙන්ඩ කොල්ලා...

කියලා මං දිහා බැලුවේ මගෙ කන් දෙකේ ඉදන් දුම් දාන්න ගන්නකොට....
     ටික වෙලාවකින් ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තෙ විනුජ ඇවිත් මගෙ එහා පැත්තෙන් ඉද ගන්නකොට.....ටික වෙලාවකින් එයා මගෙ මූණට එබුනෙ

සේශ් මැණික

කියලා කෙදිරියකින් වගේ කියන ගමන්.....මං බිම බලාගෙනම

ම්ම්ම්ම්

කිව්වෙ ඇත්තටම මට පුදුම තරම් ලැජ්ජාවක් දැනුන නිසා.... එයා ගොඩක් මගෙ ලගට ඇවිත්

මං ඔයාගෙ අතින් අල්ලගන්නද වස්තුව ම්ම්ම්ම්

කියලා ඇහුවාම මගෙ හිතත් දන්නෙ නැතුවම ඉබේම මං ඔලුව වැනුවේ ඒකට කැමති බව පෙන්නන්න....එයා හෙමින් මගෙ අත අල්ලගෙන එයාගෙ උකුලේ තියා ගත්තේ මගෙ අත සිනිදුවට එයාගෙ මහපටැගිල්ලෙන් පිරිමදින ගමන්....ඒ ගමන් ලොකු හුස්මක් පිට කරපු එයා සිහින් හඩින් කිව්ව දේ නිසා මගෙ ඇස් දෙක ලොකු උනේ.....

TO BE CONTINUED 🙂🥀

Are u only mine???🥀❤️Where stories live. Discover now