EPISODE 09

38 6 2
                                    

ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකල් දැනුනෙවත් නැත්තෙ අපි දෙන්නම මේ ලෝකෙ හිටියෙ නැති නිසා වෙන්න ඇති.....මට කවදාවත් මං කලින් යාලුවෙලා හිටිය ගෑනු ළමයා නිසා දැනුනෙ නැති හැගීම් ගොඩක් මට දැනෙන්න අරන් තිබ්බෙ මගෙ හිත ගොඩක් ඒකට ආස කරනකොට....මගෙ හිත අලුත්ම මිහිරියාවකින් පිරිලා තිබ්බේ මට මගෙ මූනෙ තියන හිනාව නැති කරගන්නත් බැරි වෙනකොට..මට ඒ හැගීම ආදරේද කියලා නොදන්නවා උනාට මං පුදුමාකාර ලෝබකමකින් විනුජගෙ පැත්තට ඇදිලා යන බව මට තේරිලා තිබුනෙ...
ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙලා හැමෝම යන්න හදනකොට මට විනුජව දාලා යන්න බැරි හැගීමක් දැනුනත් ඒක කියන්න ලැජ්ජාවෙන් හිටියත් ඉශාර ඒක තේරුම් ගත්ත බව මට පෙනුනෙ

උබ විනුජ එක්ක වරෙන්...අපි යන්නම්...
කියලා කිව්ව නිසා...
මං හෙමීට ඒකට හා කියලා ඔලුව වැනුවේ විනුජ පුදුමයෙන් මං දිහා බලනකොට....මට ඒ වෙලාවෙ මොකක් නිසාද මන්දා විනුජ ගැන ලොකූ මොකක් හරි හැගීමක් ඇවිත් ඒක දරාගෙන ඉන්න බැරුව හිටියා වගේම මට අඩන්න ඕනි වගේ හැගීමකුත් තිබ්බෙ ඇයි කියලා මටත් හිතාගන්න බැරුව හිටියෙ....අනිත් උන් මාව විනුජ එක්ක නවත්තලා ගියා..මං විනුජ දිහා හෙමීට බලනකොට එයත් මං දිහාම බලාගෙන හිටියෙ හැගීම් පිරිලා තියන ඇස් වලින්....මං ගිහින් හෙමීට එයාගෙ අතින් අල්ලගන්නකොට මට දැනුනා එයා ගැස්සිලා යනවා වගේ....මං අත ගන්න හැදුවේ එයා ඒකට කැමති නැතුව ඇති කියලා හිතලා....ඒත් එයා හයියෙන් මගෙ අත අල්ලගත්තෙ මං අත ගනී කියලා බයෙන් වගේ....අපි දෙන්නා හෙමින් හෙමින් හොස්ටල් එක පැත්තට ආවෙ වචනයක්වත් කතා නොකර...ඒ වෙලාවෙ වෙලාව රෑ 10 ට කිට්ටු වෙලා තිබ්බා...හද එලිය වැටිලා තියනකොට විනුජ මං දිහා බලද්දී එයාගෙ ඇස් දෙක දිලිසෙනවා කියලා මට හිතුනේ ඒක මට පේන හැටිද කියලත් හිතෙනකොට....අපි යන මග තිබුන බෙන්ච් එකකින් අපි දෙන්නම වාඩි උනේ මටත් යන්න හිතක් නැති වෙද්දි....මං විනුජගෙ ඇගේ ගෑවෙන තරම් ලගින් වාඩි උනේ මට එයාගෙ උණුසුම ඕනි වගේ හිතුන නිසා...මං හෙමීට එයාගෙ උරහිසෙන් ඔලුව තියාගත්තෙ මට එයා ගැන දැනෙන හැගීම් නවත්තගන්න බෑ කියලා තේරෙනකොට......විනුජ මං දිහා බලලා එයත් මගෙ ඔලුවට එයාගෙ ඔලුව හේත්තු කරගත්තෙ මගෙ හදවතේ ගැස්ම වැඩි වෙනවා කියලා මටම තේරුනා...ටිකක් වෙලා ඉදලා මං එයාගෙ බද වටේ අත පටලවගත්තෙ තවත් එයාගෙ ඇගට තද වෙන ගමන්...මට දැනුනෙ විනුජගෙ හුස්ම ගන්න වේගය ටික ටික වැඩි වෙනවා කියලා....මටත් තව ලගින් එයාව ඕනි කියලා දැනුනේ අද මට මාවම පාලනයක් නෑ කියලා දැනෙන්න ගන්නකොට.... මං තව ටිකක් විනුජගෙ ලගට ලං වෙලා එයාගෙ පපුවෙන් මූන තියාගෙන එයාගෙ මූන දිහා බැලුවෙ මගෙ ඇස් අඩවන් වෙලා කියලා මටම දැනෙනකොට...ඒත් ඒක පාලනය කරගන්න මං දැනගෙන හිටියෙ නෑ...මොකද මේ දැනෙන හැගීම් මට අලුත් නිසා.... මං එයා දිහා බලනකොට එයත් මං දිහාම අඩවන් වුන ඇස් වලින් බලාගෙන හිටියෙ මාව තවත් හැගීම් වලින් පිරෙනකොට...

Are u only mine???🥀❤️Donde viven las historias. Descúbrelo ahora