Episode 05

73 14 5
                                    

හොස්ටල් එකට යන අතරමග ඉවරයක් නැතුව අරුන් ටික මාව නැති බංගස්තාන කරනකොට මොනවා කරන්නද කියලා හිටියෙ ඕකුන්ට මොනවා හරි කියන්න ගියොත් ඕක වැඩි වෙන නිසා....ඒ අස්සෙ අර මනුස්සයා කෝල් ගත්තේ මං එකක්වත් ආන්ස්වර් කරන්නෙ නැතුව ඉන්නකොට...එක පාරම නෙතුම්ගෙ ෆෝන් එකට කෝල් එකක් ඇවිත් ඌ ඒක ආන්ස්වර් කරා විතරක් නෙවෙයි....ලවුඩ්ස්පීකර්සුත් දැම්මා....

මචං නෙතුම්.....සෙහංස ඉන්නවද....කොල්ලා ෆෝන් එක ආන්ස්වර් කරන්නෙ නෑනෙ බං....අවුලක් නෑ නේද...අසනීපයක් ද දන්නෙ නෑ...

කියලා කියාගෙන ගියේ නෙතුම් හෙලෝ කියන්නත් කලින්....දෙයියනේ විනුජ!!!! නෙතුම් මං දිහා බලලා

"ආ ඌ ඉන්නවා....ඌ ෆෝන් එක සයිලන්ට් කරන්න ඇති බන්...දෙන්නද මං ඌට"

කියලා ඇහුවේ මං අත් දෙකෙන්ම එපා එපා කියලා වනද්දී.... එතකොටම විනුජ

"නෑ කමක් නෑ බං....මං බය උනා කලන්තෙවත් හැදුනද කියලා...මං දන්නවා දවල්ට කෑවෙත් නෑ කියලා...එයා මාත් එක්ක කතා කරන්න කැමති නැතුව ඇති....මං තියනවා බං...බායි"

කියලා කෝල් එක කට් කරේ ඔක්කොම මං දිහා බලන් ඉන්නකොට....යකෝ මං මොන වැරැද්දක් කරාටද මට මෙහෙම රැවුම් ගෙරවුම්....මේවා දෙය්යොම බලාගන්න ඕනි....ඇයි යකෝ....කොහොම උනත් මටත් පව් හිතුනත් එච්චර ඉක්මනින් කැමති වෙන්න හොද නෑ කියලා හිතුන නිසා මං සද්ද නැතුව හිටියා....තරුල් එක පාරට ඇහුවේ

"උබ කැමති ද බං ඌට...just attraction or any kind of feeling like that.... "

"මටත් ඒක හිතාගන්න බෑ බං...මට කලින් කොල්ලෙක් ඉදලා නෑ....කෙල්ලෙක් හිටියෙ....ඒත් මට කවදාවත් විනුජ කතා කරද්දී දැනෙන විදිහට එයාව දැනිලා නෑ...."

කිව්වෙ කල්පනා කරන ගමන්....

"දැන් උබට මොනවද දැනෙන්නෙ ඌ කතා කරද්දි....."ඒ ඇහුවේ ඉශාර...

"හාර්ට් බීට් එක වැඩි වෙනවා...බඩ අමුතුයි වගේ....මට කන්නත් බෑ ඊයෙ ඉදන්....එයා කතා කරන්කොට comfortable වගේ...ඒත් මට බයයි...මට ඩවුට් එකක් තියනවා if he is the right one or not...මට ආයි දුක් විදින්න බෑ බං...කිව්වෙ ඇත්තටම මට හිතුනෙ එහෙම නිසා...

"එහෙනම් තව බලපන්...."

කිව්වෙ යසස්....මං උන්ගෙන් ඇහුවේ

"උබලට අවුලක් නැද්ද බං ඒ කොල්ලෙක් උනාට...."

කියලා...උන් ඔක්කොම වගේ හිනා උනේ

"තොට මොන්ගල්ද බල්ලො..තෝ කැමති එකා එක්ක යාලු වෙයන්....හොයලා බලලා යාලු වෙයන්....ඌ කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් its only about love මචන්....not gender, family or anything..." ඒක කිව්වෙ ඉශාර....මං ඌගෙන් එහෙම කතාවක් කිසිම විදිහකින් expect නොකරද්දි....මොනවා උනත් මට උන් ගැන පුදුම ආදරයක් දැනුනේ....
      කොහොම හරි හොස්ටල් ගිහින් වොශ් කරන් ඇවිත් ෆෝන් එක ගන්නකොටම......
 
To be coNTINUED

Are u only mine???🥀❤️Where stories live. Discover now