19

1.2K 105 24
                                    

ජිමින් නම් තාම මුකුත්ම වචනයක් කතා කලේ නෑ. තේහ්‍යුන්ග් වගේම තේජීන් කියන්නේ ජිමින්ගේ පොඩිකාලේ ඉදන්ම යාලුවෝ දෙන්නා. මේ වෙන දේවල් ගැන ජිමින් තාම කම්පනයෙන් යුංගිගේ ඔඩොක්කුවට වෙලා බෙල්ල බදන් මුන හංඟන් හිටියේ. කතාවෙන හැමදේම අහගෙන.

Jm - ඔයාලා හිතනවාද තේහ්‍යුන්ග් ඕක විස්වාස කරයි කියලා. එයාලා දෙන්න ඇඟවල් දෙකක් උනාට එයාලා එකට බැදිලා ඉන්නේ. තේහ්‍යුන්ග් පහුගිය කාලේ තේජින් විදපු වේදනා ගැන පොඩි පොඩි දේවල් කිව්වා කියන්න ඔයාලා දන්නවාද? තේහ්‍යුන්ග් තේජින්ව අහගෙන අඬාගෙන නැගිට්ටේ ඉබේම කියලා ඔයාලා හිතනවාද? තේහ්‍යුන්ග්ට දැනෙනවා තේජින්ට කරදරයක් කියලා එකයි එයා තේජින්ව බලන්න ඉල්ලා අඬන්නේ. ඔයාල දන්නවට හිතනවාට වැඩිය ලොකු බැඳීමක් එයාලා දෙන්නා අතරේ තියෙනවා. පොඩිකාලේ තේජින්ගේ අත මගේ අතින් පිච්චුන වෙලාවේ තේහ්‍යුන්ග් හිටියේ school එකේ. තේජින්ට කරදරයක් කියලා දැනුන ගමන් තේහ්‍යුන්ග් අඬලා අඬලා school එකෙන් ගෙදර ඇවිත් තිබ්බා.

අන්තිමේදී ජිමින් කතා කලා. ඒත් ජිමින් කියපු දේවල් වලට හැමොන්ම නිරුත්තර උනා. ජිමින් කියන්නේ ඇත්ත බව හඟවන්න හොසොක් වගේම නම්ජුන් ඔලුව වැනුවා.

ජිමින් කියන කතාවෙත් ඇත්තක් තියෙන බව හැමදෙනාම තේරුම් ගත්තා.

Nj - අපි පුතාට බාගෙට ඇත්ත කියමු.

Jk - ඒ කිව්වේ?

Nj - තේජින්, බේගම් කොරියාවට ආයේ ඇවිත් ඉන්නකොට accident එකකින් නැති උනා කියලා

තේජින්ගේ වේදනාව පිරුනු දුක්බර ජිවිතේ ගැන කියලා තේහ්‍යුන්ග්වත් දුකට තල්ලු කරලා දන්න ඕනේ නෑ කියන තීරනේ හැමොන්ම හිටියා. තේජින් ගැන තේහ්‍යුන්ග්ට දැනේන දේවල් නිසා තේහ්‍යුන්ග් බොරු කරන්නත් බැරි උනා. අන්තිමේදී නම්ජුන්ගේ බොරුව කියන්න හැමදෙනාම කැමති උනා. මොකද තේහ්‍යුන්ග් ඒ බොරුව විශ්වාස කරන්න සාක්ශි තිබ්බා. ඒ ජන්කුක් තේහ්‍යුන්ග් කියලා හිතුවේ බේගම් එක්ක හිටපු තේජින්ව කියලා තේහ්‍යුන්ග් හිතලා තිබුන නිසා.

Next day..

පහුවෙනිදා තේහ්‍යුන්ග් hospital එකෙන් discharge කරා. ඒ වේලේ ඉදන්ම තේහ්‍යුන්ග් ඕන උනේ තේජින්ව බලන්න. තේහ්‍යුන්ග් අරන් යන වාහනේ කනත්ත ලඟින් නතර කරනකොට තේහ්‍යුන්ග් ඒ දේ දැනගෙන හිටියා වගේ වේගයෙන් ඇස්පිල්ලම් ගහලා බර හුස්මක් පාත දැම්මා.

Forgive The Mistake (Taekook)Where stories live. Discover now