0007

2.1K 434 59
                                    


..

..

..

.

ගුරුවරු ශිශ්‍ය නායකයන්ව රැස්වීමට ගත්තේ පන්ති නායකයන්ට පන්තිය බලාගන්න කියලා උනත් කාටත් කලින් එලියට පැනලා තිබුනේ ඔය කියන පන්ති නායකයෝ ටිකමයි....කෙල්ලො නම් සාන්ත දාන්ත තීන්ත කූඩුවගේ ඕපයක් කියෝන ගමන් පන්තියට වෙලා ඉද්දි කොල්ලොන්ගේ කෑලිත් හොයන්න බැරි උනා...ලොකු පන්තිවල එකම එක පිරිමි ළමයෙක් ඇරෙන්න අනිත් සේරම වගේ කොහෙන්දෝ වොලි බෝලයක් උස්සන් එලි බැහැලා ඉවරයි....ඒ කිව්ව පිරිමි ලමයා ටිකක් විතර අමුතු කෙනෙක්...අසනීපත් නෙවේ...ඒත් වැඩි කතා බහක් නැති....පැත්තකට වෙලා පාඩුවෙ වැඩක් කරගන්න කෙනෙක්...කාගෙවත් මූන දිහා බලලා කතා කරන්නේ නෑ....බිම බලන්මයි කතා කරන්නේ..ඒ වගේම එයාට සටහන් ලියාගන්න හුග වෙලාවක් ගත වෙනවා....ලොකු පන්තියක හිටියත් අකුරු දෙක වසරෙ ලමයෙක්ගෙ වගේ ලොකුයි....ඉතින් ලියාගන්න වෙලා යන එක අහන්නත් දෙයක් නෙවේ...විභාගෙදි පේපරේ ලියන්න ගත්තාමත් උත්තර ලියන්නේ පලවෙනි ප්‍රශ්න දෙකට විතරයි...එයා ලියන විදිහට පැය තුනම මදි උත්තර ලියන්න ..පෙනුමෙත් කියන්න තරම් වරදක් නොවුනට ඒ පිරිමි ළමයා පැත්තකට වෙලා ඉන්න් කැමති ටිකක් මනසින් වෙනස් කෙනෙක්..එයාව තේරුම් ගන්න එක කරන්නම අමාරුයි.....

ඉතින් තීනු එකොලහ වසරෙ හිටිය ඒ පිරිමි ළමයා දිහා හුග වෙලාවක් බලන් හිටියේ දැනුනු අමුත්තටමයි....බෝඩ් එකේ මොනවත් ලියලත් නෑ ඒත් එයා එක දිගට මොනාදෝ ලියනවා...නිල් පැනම විතරයි...කලු පෑන්කින් ඉරක්වත් ගහල නෑ.....එකොලහ වසරෙ පන්තිය්ට ටිකක් මෙහායින් වෙන්න හිටිය තීනුටත් යකඩ දැල අස්සෙන් ඒ ළමයා ලියන තඩි අකුරු පවා පෙනෙද්දි තීනු පුදුමෙන් බැලුවෙ ආදිගෙ දිහා....

...ඇයි අර ළමයා එහෙම....

..අහ් ඒ ඌගෙ හැටි...උගෙ වැඩේ ලියන එක..

...එහෙනම් හුග්ක් ටැලන්ටඩ් ඇතිනේද...

..මොන පිස්සුද..මුගෙ ලිවිල්ල විතරයි....පොතේ අභ්‍යාසයක් කරන්න කිවෝත්...මූ ප්‍රශ්න ටික ලියලා උත්තර දන්නේ නැත්නම් උත්තරේ විදිහට ප්‍රශ්න ටිකම ආපිට ලියනවා ..විබාගෙදිත් කරන්නෙ ඕකම තමා...හැබැයි පොර පාඩම් කරනවා....උදේ ඔත්න වාඩි උනම ඉන්ටර්වල් එකට කන්නවත් නැගිටින්නෙ නෑ ...ආයේ එකහමාරට තමා....ඒත් ඉතින් එහෙම කියලා ඉගෙන ගන්න දේකුත් නෑ ....මිනිහට පොඩ්ඩක් විතර ට්‍රැක්.....

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now