0046

1.8K 410 155
                                    

..
..
..

...ඕන මගුලක් කරගන්න එකයි ඇත්තේ ..

..අනේ බෑ...!!...

..ඕයි ඕයි කොහෙද උබ ඔය යන්නේ...ලැජ්ජ හිතුනද බන්...

..එයා ගියානේ....

තීනු මූනත් අමුතු කරන් ආදි දිහා.බැලුවේ හරියට සේරටම වැරදිකාරයා එයා කියන්න වගේ...ඔව් ඉතින් මල්ලි බබා කිව්වත් හරි ධතාශ්ට තරහා ගියාදෝ නැත්නම් ලැජ්ජා හිතුනදෝ කොල්ලා තනි අතට තීනුව උස්සලා සයිකලෙන් බැස්සුවා...මේ තරම් වෙලා සනීපෙට වාඩිවෙලා ආව සීට් එකෙන් කොල්ලා බිමට එද්දි...යනවා කියලවත් නොකියා ධතාශ් එතනින් විදගෙන ගියේ රෝස පාටයි කිව්ව කන් පෙති රතුපාටකට හරවගෙන කියන්න කවුරුත් දැක්කෙ...

..තමුසෙ තමා සේරම කලේ...

තීනු කේන්තියෙන්ම පොලොවෙ අඩියක් හප්පලා ඇගිල්ල දික් කලේ ආදිට...ඔව් එයා තමා සේරටම වැරදිකාරයා...එයා කිව්ව නිසානෙ තීනුත් මල්ලි බබා කියලා කිව්වේ....එහෙම නොකිව්වා නම් ධතාශ් යන්නෙත් නෑනේ.....තීනුට උස නෑ බිම්මලක් වගේ කියලා විහිලු කලාට හරියටම බැලුවොත් එයා ධතාශ්ට වඩා මාස දෙකක් වැඩිමල් කියලා දැනගද්දි කොල්ලට ලැජ්ජ හිතෙන්න ඇති...ඊටත් වඩා එයාම මල්ලි බබා කියලා කතා කලාම...අනිත් එක මල්ලි බබා කියන්නෙ මිනිස්සුන්ට විතරක් නෙවේනේ..හිස ඇති ඒත් ඇස් නැති තවත් දේවල්වලට මල්ලි බබා කියනවනේ.....

..ඉතින් උබ මොකටද මං කිව්ව පලියට ඌට මල්ලි බබා කියන්න ගියේ....උබේ තමා වැරැද්ද...

..නෑ..!..මගෙ නෙවේ..තමුසෙගෙයි වැරැද්ද....!!...මට ඕන් නම් මං මල්ලි බබා නෙවේ අයියා බබා කියලා හරි කියනවා...ඒත් තමුන්!!...තමුන් දැනගන්න ඕන එහෙම කියන්න කියලා මට බල නොකර ඉන්න....මං කිව්වත් නැතත් වැරැද්ද තියෙන්නෙ මට කියන්න කියලා බල කරපු තමුන් අතේ තමා...!!!

..ආ. හ් .ඕයි....

ගිනිගත්තු බෝම්බෙ ආයෙම කෑ ගහනවා...නිකම් නෙවේ තරහටම ආදිගෙ සපත්තුවත් පාගලා.....ඇගේම හයිය දාලා ඒ ගහපු සපත්තු පාරට ආදි කකුල අත් දෙකෙන්ම අල්ලන් උඩ පනින්න ගත්තේ ආවු ගාලා කෑ ගහගෙන....ආදිට ඕන දෙයක් කරගන්න දීලා තීනුත් කේන්තියෙන්ම විදගෙන ගෙදරට ආවා......

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now