0012

1.8K 436 129
                                    


..

..

..



...මේක මල කරුමයක් උනානෙ....


හැමදේම එක මොහොතකින් විනාස වෙලා ගියා...වචනෙන් නොකියන මොනාද ඇස් දිහා බලාගෙන මුමුනන ගමන් උන්නත්...ටින් බෙලෙක්ක හඩක් නිසා හැමදේම කනපිට හැරුනා...ධතාශ්ට තීනුගෙ ඇගිල්ල වගේම අතත් අතෑරිලා ගියා....එයා වීදුරු ඇස් ලොකු කරන් බලන් හිටියත්...හිතට ආව කේන්තිය නිසාම ආපිට නොබලම ධතාශ් කඩාගෙන බිදගෙන පන්තියෙන් එලියට ගියෙ අද නම් මකෝනවා කියලා හිතාගෙන...ඇයි ඉතින් මේකගෙන් සැනසීමක් ඇත්තෙම නෑනේ...බැලුවොත් ඇත්නම් පස්සෙන් කැරකෙනවා....



ධතාශ් කේන්තියෙන්ම පන්තියෙන් එලියට ගියේ වලියකට වගේ අත වැලමිටෙන් නවන ගමන්...ඒ ගියේ ඇයිද කියලා තීනු දන්නෙ නැති උනත්...ඔච්චර තරහා ගන්න හේතුව මොකක්ද කියලා හිතාගන්න බැරි උනත් තවමත් පුටුව උඩට වෙලා තීනු බලන් හිටියෙ ඇස් දෙක ලොකු කරගෙන.....ඒත් ඒ ලොකු උනු ඇස් කොල්ලගෙ චායාව නොපෙනී ගියත් හරි හීනිම වෙලා ගියා..


..තියෙන නපුරුකම..ආයෙත් යනවා කියලා කිව්වෙ නෑ...එයාට ඕන උනාම එන්නයි යන්නයි...හහ්....මං කතා කරන්නෙම නෑ....!!!



තීනු කේන්තියෙන්ම පුටුවෙන් බිමට බැහැලා පුටුවටත් පාරක් ගැහුවා...කවුරුත් ඒ විදිහට එයාව නොසලකා හැරලා නෑ.....එයා දන්න කියන කවුරුත් ඔහොම යනවා කියලවත් නොකියා ගිහින් නෑ...ඒ නිසාම එයාට තරහයි...හැමකෙනෙක්ගෙන්ම අවදානෙ ලැබිලා පුරුදු තීනුට මෙහෙම නොසලකා හැරීම් වෙද්දි විස්තර කරන්න බැරි තරම් තරහයි...

...මං කතා කරන්නෙම නෑ...!..නෑ කිව්වොත් නෑ.....




තීනු කොව්වා පන්තියට වෙලා කේන්ති ගද්දි ධතාශ් කේන්තියෙන්ම එලියට දිවුවෙ අතත් අබරන ගමන්....

..යන්න දෙනවා...මාව අතාරිනවා..හ්හ්...


...උබට කියන සින්හල තේරෙන්නෙ නැද්ද යකෝ....

...ද් ..ද..තා අයියේ....





හිතුවා වගෙම දොලහ වසරෙ පන්තිය තිබුනු ගොඩනැගිල්ලෙ කෙළවරේ හිටන් හිටියෙ සමිත...නිකම් නෙවේ දසුනුයි චමුදිතයි එක්ක...කොල්ලො දෙන්නා පොඩි එකාට යන්න නොදී දෙපැත්තෙන් අල්ලන් ඉන්නවා....ඒකා අත් දෙකෙන්ම බිත්තිය බදාගෙන යන්න දීපන් කියලා කෑ ගහනවා...ඒ කෑ ගැහිල්ලට සමිතගෙ බඩ ගෙඩියත් වතුර පුරෝපු සිලි කවරයක් වගේ හෙල්ලෙනවා...ඒක කමිසෙන් එලියට පනින්න ඔන්න මෙන්න...ඒ බඩ එක්ක ලොකු කොල්ලො දෙන්නට හැප්පෙන්නත් බෑ...අමාරුවෙන් දෝත බදලා අල්ලන් ඉන්නේ....

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now