....
..
""නොතේරෙන හැගීමක් හද තුළද තියෙනවා
මටත් නොකියාම මම නුබ කොහෙද බලනවා
මම උබේ වෙන්නට අයිතියක් ඕනිමද
මටත් නොදැනීම මේ හිත ඔන්න අහනවා...""-තීනුගෙන්💚 ධතාශ්ට❤️-
අක්කියෙක්ගෙන් ලස්සන කවියක් හම්බුනා...තැන්කිව් අක්කි...🤗
.
.
.
.
.
.ධතාශ් තීනු දිහා බැලුවේ අමුතු විදිහකට....කොල්ලා ඒ කතා කරපු තාලෙ නම් ධතාශ්ට පොඩ්ඩක්වත් ඇල්ලුවෙ නෑ ..
..පිස්සු හැදිලද...
ධතාශ් ඇහුවෙ පපුවට අත් දෙක බැදගෙන වෙද්දි තීනු නම් කලින් වගේම පෑන කටේ ගහන් හිටියා....එයාගෙ ඇස් දෙක තාලෙකට වඩා කොල්ලගෙ උඩ ඉදන් පහලටම යද්දි..මේ මොකද මේ කියලා අහන්න වගේ ධතාශ් එක ඇහිබැමක් ඉස්සුවා.....
..මොකද ඔය...
..කෙනෙක්ව කන්නෙ කොහොමද කියලා බැලුවෙ...
..මොක!..
..ම්ම්ම්..රස පාටයි වගේ....
තීනු ඇස් දෙකත් හීනි කරන් පෑනත් කටේ ගහන් විකාර කියෝනවා....ඒ කියන මෙලෝ දෙයක් ධතාශ්ට තෙරෙන්නෙත් නෑ...දෙවෙනි පීරියඩ් එක කට් කරන්න කොල්ලො ටික බාගෙට බාගයක් එලියට පැනලා ගිහින් තියෙද්දි ඒ දෙන්නා තවමත් වාඩි වෙලා එකිනෙකා දිහා බලන් හිටියා...ඒ අස්සෙන් මේ කොල්ලා කියෝන ඒවා..දොල දුක කියන වචනෙ තේරුමවත් හරියට දන්නෙ නැතුව ඒකට වෙන වෙන දේවල් කියෝනවා....
..අද මං බත් එකක් ගෙනාවේ....
..කවුද බත් එකක් ගැන ඇහුවේ...
..එහෙනම් ඔය රස පාටයි කියන්නෙ මොනාටද...
ධතාශ්ට නම් යාන්තටමට තරහා යාගෙනත් එක්ක එන්නේ...මේ කොල්ලත් පොඩි එකී වගේමයි..කියන කිසි දෙයක් හරියට කියන්නෙ නෑ...සේරම එකට පටලලා කියන්නේ....
..චුට්ටක් ඉන්නකෝ..
තීනු පුටුවෙන් නැගිට්ටා...කොල්ලගෙ පෑන තාම කටේ...පෑනත් එහෙමම තියාගෙන එයා වෙඩිල්ල වගේ ඇවිත් වාඩි උනේ ධතාශ්ට එහා පැත්තෙ තිබ්බ හිස් පුටුවෙන්....ඒක නිකම් හරියට එයාට ලියලා දීපු පුටුවක් වගේ තීනු ඇවිත් වාඩි වෙද්දි ධතාශ් බෙල්ල විතරයි හරවලා බැලුවේ...තීනු එයගෙ ඇග සම්පූර්ණයෙන්ම ඒ පැත්තට හරවගෙන තව ටිකක් පුටුව ධතාශ් ලගටම ඇදගත්තා...
YOU ARE READING
🍁නූශ්🍁(Zhanyi)
Fanfictionඅවසරද නිල් කටරොලු මලකට.... බොරලු පොලොවක සෙනෙහෙ පතන්නට........... (ධතාශ් X තීනු)