0088

1.2K 292 95
                                    

..

..

..





..මොකද ඔය කැරකෙන්නෙ ආහ්..මොනාහරි ඕනද....

..ම්හ්..එපා...

..එහෙනම් මොකටද ඔය හොරගල් අහුලන්නේ ලොකූ....බඩගිනියිද...පොඩ්ඩක් ඉදින් මේ ලිප ඇවිලෙන්නෙ නෑ..පත්තු කරනවා කරනවා පොල් කොලයක්වත් ඇවිලෙන්නෙ නෑ...

..අම්මේහ්..

...බත් එකයි පරිප්පුවයි හදලා තියෙන්නේ ලොකූ...ඉදින්කෝ පොලොස් එක හරියට තැම්බිලා එනකම්...මේ රෙද්දෙ ලිපක් එක්ක මෙලෝ මගුලක් කරගන්න බෑනේ...

..මට ඇති බඩගින්නක් නෑ...හෙමීට උයන්න...





අම්මා කියනවා හරි....ධතාශ් හොරගල් අහුලනවා....දැන් කීප වතාවක්ම කුස්සිය මැද්දෙන් එහාටයි මෙහාටයි යනවා....සාලෙට ගිහින් ආයෙමත් කුස්සියට යනවා...කුස්සියෙ උලුවස්සට හේත්තු වෙලා ටික වෙලාවක් බලන් ඉදලා ඔන්න ආයෙමත් යන්න යනවා....නොදැක්කා වගේ හිටියද මොකද අම්මට මතක් උනේම කොල්ලගෙ පොඩි කාලේ...යමක් කමක් තේරෙන බඩගිනී කියලා කෑ ගහනවා වෙනුවට උයලා ඉවරද බලන්න සැරින් සැරේ කුස්සියේ හොරගල් අහුලපු පොඩි කාලේ....ඒ දවස්වලත් එහෙමයි...බඩගිනි උනාම කුස්සියට යනවා එනවා...ඔලුව පොඩ්ඩක් දාලා ආයෙ කොහෙහරි යනවා...හොද්ද කූරු ගාන ගමන් නිවුන්නු දෙන්නගෙන් කාවහරි වඩාගෙන...සැරින් සැරේ කාමරේට ගිහින් අනිත් දරුවා ගැනත් බලන ගමන් දුම් බටෙන් පිබ පිබ අම්මා උයලා ඉවර වෙන ගමන් චූටි ධතාශ් කුස්සියට එබි එබී ආයෙ කොහෙදෝ දුවනවා....අම්මා කතා කරලා මගෙ පුතාට බඩගිනීද කියලා අහනකම්...බත් දෙන්නද උයලා ඉවරයි කියනකම් කොල්ලා එබි එබී හොරගල් අහුලනවා......ඒ නිසාමයි අම්මා අදත් ධතාශ්ගෙන් බඩගිනීද කියලා ඇහුවෙ...

අම්මා දන්නවා....ධතාශ් හොරගල් අහුලන ජාතියේ කොල්ලෙක් නෙවේ....එහෙම කරන්නෙ කොල්ලට බඩගිනි උනාම විතරයි ....එහෙම නැත්නම් කලාතුරකින් මොනාහරි වැදගත් දෙයක් කියන්න විතරයි ..ඒත් සාමාන්‍යයෙන් කියන්න තියෙන දේ මූනටම කියලා දාන ධතාශ්ගෙ මොනාහරි කියන්න ගියාම හොරගල් ඇහිලීමේ සම්භාවිතාවය හුගක් දුරට අඩුවෙද්දි...වැඩි බර තිබ්බෙම කොල්ලට බඩගිනී කියලා අම්මට හිතන්න පුළුවන් පැත්තේ...



🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now