0057

1.6K 395 113
                                    


..

..

..




ක්‍රීඩා උත්සවේට හැමදේම ලෑස්ති කරලයි තිබුනේ...දැනටමත් ආරාධිත අමුත්තන්ව පිලිගන්න පහල පිට්ටනියෙ තූර්‍ය වාදක කන්ඩායම ලෑස්ති වෙලා ඉන්නකොට...අනිත් හැමදේමත් ගානට ලෑස්ති වෙලයි තිබුනේ.....පැවිලියන් එකේ ඉදන්න ඉඩ තිබුනෙ ආරාධිත අමුත්තන්ට විතරක් වෙද්දි ගමේ අයත්..ලමයිගෙ දෙමව්පියොත් පැවිලියන් එක දෙපැත්තෙන් එකතු වෙලා හිටියා...පිට්‍ටනිය තිබුනේ ගිලා බැහැලා වගේ වෙනකොට කාටවත් කිසිම බාදාවක් නැතුව ක්‍රීඩා උත්වසය බලන්න ඉඩ තිබුනා.....



හැමදේම කිසි ප්‍රශ්නයක් නැතුව ලෑස්ති වෙලා තියෙනකොට තීනු විතරයි ඔන්න මූනත් මොකක්ද කරන් අනිත් පැත්ත හැරිලා හිටියේ..හැරුනා කිව්වට එයාට හැරිලා ඉන්න හිතකුත් නෑ...පපුවටත් අත් දෙක බැදගෙන ලොකු ඇස් හීනිම හීනි කරන් තීනු ආපස්සට බෙල්ල හරවලා බැලුවේ කටත් චුට්ටක් ඇද කරගෙන....ධතාශ් මහ ඕන්නෑ....මහ බොරුකාරයෙක්.......




තීනුගෙ ඇස් ගියේ මයුර නිවාසෙ ගහපු ලොකු නැව ගාව හිටගෙන ඉන්න ධතාශ් ගාවට...හැමදේම ලෑස්ති වෙලා තියෙද්දි ධතාශ් විතරක් ලෑස්ති නොවී කොහොමද....සුදු කොට ස්පොර්ට් කලිසමට පපුව පේන තරම් අත් කැපුනු සුදු ස්කිනර් එකට එයා හිටියෙත් සුදු සපත්තු දාගෙන......නලලට වැටෙන කොන්ඩෙ උඩට වෙන්න නලල හරහා සුදු බෑන්ඩ් එකක් දාලා හිටිය ධතාශ්ගේ තිබුනෙම වෙන කවරදාටත් වඩා අමුතුම පෙනුමක්...ඉහලට උස්සුනු කොන්ඩෙත් එක්ක හුගක් වෙලාවට වැහෙන නපුරු පාට හීනි ඇස් අද වැහෙන්න ඉඩක් නැතුවම ගෑවෙන නොගෑවෙන තරන් තිබුනු ගන ඇහිබැම එක්ක කැපිලා පෙනෙද්දි...තියුනු නහයත් ඊට පහලින් උනු හිනාවක් නැතුවම පියවුනු රෝසපාටත් ලා දුබුරු පාරෙත් එකතුවක් උනු නපුරුකම කියාපාන හීන් දෙතොලත් සුදු පාට නිසාම වෙන කවරදාටත් වඩා ඔපවැටිලා තිබුනා...නෙරලා විත් තිබුනු උගුරු ඇටය එක්ක බෙල්ල දෙපැත්තෙන් පෑදිලා තිබුනු කොල පාටකට හුරු නහරවැල් හරි උජාරුවට ශක්තිමත් උරහිස්වල රිද්මය වැඩි කරපු උරහිස් ඇට අතර පෙනී නොපෙනී යද්දි....පිරිමිකම පිරුනු අත් ගොබත් තලෙලු පාට පපුවෙන් අඩකුත් ලොකුවට කැපුනු අත් තියෙන ස්කිනර් එක්ක මතුවෙලා පෙනෙද්දි...සුදු ශෝර්ට් කලිසමට නිරාවරණය උනු කකුලෙ දනහිසෙන් පහල හිස්තැනක් නැතුවම පිරිලා ගිය ගන රෝමයන් එක්ක දෑස් ඉවතට ගන්න නොහිතෙන තරමට එ පිරිපුන් ශක්තිමත් රූපේ ආකර්ශනීය උනා.....මේස් නැතුවම දෙපතුල් වහගත්තු සුදු සපත්තුවලින් ‍ඒ රූපේ දකින්න ලැබෙන්නම මේ වගේ අවස්තාවලදි විතරක් වෙනකොට....වෙනදා දකින හිතුවක්කාර මුරන්ඩු පෙනුම වෙනුවට එයාට වැදගත් වගේම දගකාර පෙනුමක් එකතු වෙලා තිබුනා.......

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now