ස්නොව්ග්‍රාස්

140 47 3
                                    

"මේ සීත කාලේ ඉවර උන ගමන්ම සදාකාලික සීත නගරෙකට යන්න හිතුනේ මොන රෙද්දකටද එල්සෝ...."

ගෙදරින් පිටත් උන වෙලේ ඉදන් ෆ්ලයිට් එකට නගිනකල් කිව්ව දේ ෆ්ලයිට් එක ගොඩබාද්දිත් කිව්වා....

"මගෙ අලුත් පොතට....තොරතුරු වගයක් හොයාගන්න...."

මම දත් තිස්දෙකම පෙන්නලා මගෙ ලස්සන හිනාව දැම්මා...ඇනා කටත් උල් කරන් හොස්සත් දික් කරගත්තා...

"අර හොල්මන් කොල්ල බලන්න නේ යන්නේ...."

"ඔව්....එයා තමා මගේ කතා පොතේ ප්‍රදාන චරිතේ..."

"මේ අක්කේ....එහෙ කන්න තියනවද..."

"ඔව් ඔව්....මෙහෙ තියන ඕන දෙයක් එහෙත් තියනවා...."

මම ආය ඇනාගෙන් ඇස් දෙක අරන් පොත කියවන්න ගත්තා ...මගේ අලුත් පොත මෙහෙ ඉදන්ම ලියන්නයි මට ඕන...My snow angel... එයා මිත්‍යාවක් වෙන්න ඇති....ඒත් මම ආසයි එයා ගැන දැන ගන්න...

"මේ....ෆ්ලයිට් එක නැවැත්තුවා...එල්සා...එල්සා....එල්සෝ...."

ඇනා මගෙ කනට කරලා කෑ ගහද්දියි මම පියවි සිහියට ආවේ..

මම ඇනාගෙත් උදව් ඇතිව අපේ බෑග් බා ගත්තා....අපි එහෙදි නවතින්න තැනක් හොයා ගත්තා...අපිව එක්ක යන්න යාවේ පිනි මුවෙක් බැදපු කරත්තයක්...මේ පැත්තේ වාහන යන්න අමාරු නිසා වෙන්න ඇති...

"ඇනා...ඔයා බඩු ටිකත් අරන් යන්න...මම ටිකක් ඇවිදලා එන්නම්..."

මම ඇනාට බඩු ටික එක්ක කරත්තේ යවලා සාක්කුවෙන් සටහන් පොතයි පෑනයි අතට ගත්තා...

ස්නොව්ග්‍රාස්..මේ ගමේ නම...ගමටම හරියන නමක්....බලල බලන හැම තැනක්ම සුදුම සුදු පාටයි...ගස් පවා හිමෙන් වැහිලා....මම හුස්මක් පිට කරද්දි ඒක දුමක් වගේ පෙනුනා...මෙහෙ ගොඩක් සීතල නෑ....
පුන්චි ගමක් කිව්වට ලොකු සුපර් මාර්කට් හතරක් සහ ලොකූ හෝටලයක් මේ ගමේ තියනවා...ගෙවල් සීයකට කිට්ටු වෙන්න ඇති...අනික් කාරනේ තමා මේ ගමේ වාහනේ පිනි මුවා...පාර හිමෙන් පිරිලා නිසා වාහනවලට යන්න බෑ.....හැම ගෙයක්ම සුදු පාටයි...වහල කලු පාටයි....ඒක ගොඩක් ලස්සන ගැලපීමක්...හරියට බලන් නොගියොත් බිත්තිවල හැප්පෙනවා ශුවර්....
මම දැක්ක අනිත් විශේශත්වෙ තමා හැම ජනේලයකටම වීදුරු දාලා තිබ්බා....

කුනාටුවක් එන ලකුනු පේන නිසා සටහන් පොතත් සාක්කුවේ ඔබන් ගියේ ස්නෝමන් හොටෙල් එකට...

මම යද්දි ඇනා අර කරත්තේ ආව කොල්ලා එක්ක බර කතාවක්...

"එල්සෝ....කොහෙද කෙල්ලේ ගියේ....ඔයා සීතල වෙලා....ක්‍රිස්ටොෆ්...මම අක්කා එක්ක රුම් එකට ගිහින් එන්නම්..."

මම සුදුමැලි වෙලා ඉන්න නිසා ඇනා ගොඩක් කලබල උනා....එයා මට සීරීමක් උනත් කලබල වෙනවා...ඒ තරම් මට ආදරෙයි ...මාත් එහෙම තමා...

"එල්...අවුලක් නෑනේ...."

ඇනා මාව කාමරේට එක්ක යන ගමන් මගේ මූනට එබුනා...

"නෑ ඇනා...."

"ඔයා සුදුමැලි වෙලා...."

"අයියෝ...ඒ මගේ පාටනේ කෙල්ලේ..."

"ඔව් නෙහ්...ඔයා කෝමත් සුදුමැලියිනේ...ඒත්..මේ හිම එක්ක ඒ සුදු මැලි පාට වැඩි වෙලා..."

"ආ...කවුද අර ඔයා එක්ක කතා කර කර හිටියේ...."

"ඒ ක්‍රිස්ටොෆ්..මේ හොටෙල් එක එයාලාගේ....එයා තමා එයාගේ පිනිමුවා එක්ක අපිව එක්කන් යන්න ආවේ...."

ඇනා කෝච්චිය වගේ කියෝ කියෝ ගිහි උදුනට දර ටිකක් දැම්මා...හැම කාමරෙකම ගිනි උදුනක් තියනවා....වීදුරු ජනේල් තියනවා....කාමරේ ගොඩක් පිලිවලයි...ඒක පුන්චි ගෙයක් වගේ අපි හිටියෙ හොටෙල් එකේ උඩම තට්ටුවේ...අපිට අයිති කොටසේ කාමර දෙකයි සාලෙයි කුස්සියයි වොශ් රූම් එකයි තියනවා...

"ආ...මේක බොන්න...සුදුමැලි පාට අඩු වෙයි..."

ඇනා කිව්වේ උනුම උනු කෝපි එකක් මට දෙන ගමන්....

මම කොහොමත් ගොඩක් සුදුයි....සුදුයි නෙමේ...මම සුදුමැලියි....ලා කහ පාට කොන්ඩෙත් එක්ක මගේ සුදු මැලි පාට වැඩි උනා...සුදුම සුදු හිම එක්ක ඉන්න ගියාම මාවත් පෙනුනේ හිම වල කොටසක් වගේ...










ස්නොව්ග්‍රාස් කියන්නෙ මම හදපු ගමක් හොදේ 🙂❤️

My Snow Angel✔️✔️Where stories live. Discover now