ස්මාරකය

134 49 14
                                    

අද උදෙන්ම මම නැගිට්ටේ ස්මාරකය බලන්න යන්න ඕන නිසයි...අද වෙනදට වැඩිය හිම වැටිල...ගොඩක් ලස්සනයි...
වටේම සුදු පාටයි...

"ඇහ්...මෙන්න බොලේ මෙයා උදෙන්ම නැගිටලා..."

ඇනා ඇස් දෙකත් ලොකු කරන් කිව්වේ ලෝක පුදුමයක් දැක්කා වගේ..එක අතකට එයා වැරදිත් නෑ...

"අපි පයින්ම යමුද ඇනා...."

"හුම්...ඔයාට නම් මේ සීතල එක්ක මාර බැදීමක් තියෙන්නේ....යකෝව්...ඕක විතරද ඇදන් යන්නෙ...තව ජර්සියක් දා ගන්නවා...එලියෙ පට්ට සීතයි..."

"රෙදි පොට්ටනියක් වගේ යන්න මට නම් කිසි උවමනාවක් නෑ...."

"යැයි යැයි තමා...."

ඇනා මුකුත් කියන්න කලින් මම එයාගේ අතින් ඇදන් පඩිපෙල බැස්සා...😂🖐️ඇනාගේ අතිජාත මිත්‍රයට ඇනාව බාර දීලා මම තනියම යන්න ගියේ එතකොට නිදහසේ යන්න පුලුවන් නිසා...නැත්තම් ඔය හොල්මන මග දිගට ජැක්ට බනියි...

සීතල එන්න එන්නම වැඩි උනා මිසක් අඩු උනෙ නෑ...මම ගොඩක් ආසයි මෙ සීතලට...අහස පොලව ගස්...මේ ඔක්කොම සුදු පාටයි....අහසින් වැටෙන හිමත් සුදු පාටයි...මාත් මේ පරිසරයෙම කොටසක් වගේ...ලා නිල් පාට ජර්සියයි මේ පරිසරෙයි එක්ක මගෙ හමේ පාට කැපිලා පෙනුනා...

මිසිස් ජෝන්ස් කිව්වා වගේම හැම ගහකම ලස්සන අයිස් රටා තිබ්බා...ඒවා ගොඩක් මෘදුයි...

"එල්සෝ....මේ තියෙන්නේ ස්මාරකේ..."

කොහෙදෝ ඉදලා ආපු ඇනා ක්‍රිස්ටොෆ් එක්ක මා ගාවට දුවන් ඇවිත් මට ගොඩක් ලගින් තිබ්බ ස්මාරකේ පෙන්නුවා....මම දැනුයි දැක්කේ...

"ජැක් හෙන හැන්සම් නේද..."

මම කිව්වේ යකඩ පාටට තියන උස පිලිමේ දිහා බලලා...

"ඔව්...ඒ කාලේ ස්නෝග්‍රාස්වල හැම කෙල්ලම මෙයාට කැමැත්තෙන් හිටියේ..."

"ඔයා දන්නවද ක්‍රිස්ටොෆ් අපේ අක්කාගේ ක්‍රශ් එකත් මෙයා..."

ඇනා දාගෙන මාව බයිට් කරනවා...

මම ඒ පිලිමේ දිහා බලන් හිටියේ ඇස් කටේ තියන්....අවංකවම ඒක ගොඩක් ලස්සනයි....ඇස් නහය තොල්...ඒ හැම දේම....එයා ඉන්න ඉරියව්ව පවා ලස්සනයි...ජැක් ගැන මට දැනුනෙ කාවදාවත් කා ගැනවත් නොදැනුන හැගීමක්....













එල්සාට ජැක්ව හම්බෙයිද???
හැම ආදර කතාවකම අවසානය ලස්සන නෑ....

ඔයාලා හිතන විදිහේ අවසානයක් මේ කතාවට නැති වෙන්නත් පුලුවන්..

🤗❤️

My Snow Angel✔️✔️Where stories live. Discover now