අයිස් වූ හදවත් දෙකක එක්වීම 💙

139 45 12
                                    


කාලය ගෙවීම ගැන මට කිසි තේරුමක් තිබ්බේ නෑ....My Snow Angel කතාවට මම හිතුවට වඩා ප්‍රේක්ශකයක් වැලද ගත්තා....ඒකට සම්මාන පිට සම්මාන ලැබෙද්දි මට මතක් උනේ ජැක්ගේ හිනාව.....එයාව මතක් වෙන හැම මොහොතෙම මගේ හදවතෙන් ලොකු සීතලක් දැනුනා....

ශීත සෘතු පහක් ඉවරයි...ඒ කියන්නෙ අවුරුදු පහක්....හැම සීත රෑකම මම එයා එනකල් බලන් හිටියත් එයා ආවේ නෑ....උදේට ජනේලේ ලස්සන රටාවක් ඇදලා තිබ්බා...නිදි මරාගෙන මම එයා එනකල් හිටියත් එයාව දකින්න ලැබුනෙ නෑ...

ඇනාටයි ක්‍රිස්ටොෆ්ටයි දැන් පුන්චි පැටව් දෙන්නෙක් ඉන්නවා..එයා මට එයාලා ඉන්න ගෙදරට ආරාදනා කරත් මට ඕන උනේ තනියෙන් ඉන්න....සීමාවක් නැති මංගල යෝජනා ගලන් ආවත් මම මට අහිමි මගේ ආදරය වෙනුවෙන් බලන් හිටියා හැම දවසකම....





Jack frost pov...



මට හැම වෙලේම සිහියට ආවේ ඒ නිල් පාට ලොකු ඇස්.....මාව පේන එකම කෙනා එයා...මටත් ඕන එයා එක්ක ඉන්න....ඒත් මම නිසා එයාගේ වටිනා ජීවිතය නාස්ති කරගන්නවට මම කැමති උනේ නෑ....ඒ නිසා මම එයාට පේන්නවත් ගියේ නෑ....
මගේ හදවතට එයා ගැන හිතන හැම වෙලේම දැනුනේ අමුතු සීතලක්...













Author pov.......



"මිස් ඇනා....ඔයාගේ අක්කාගේ හදවතේ අයිස් බැදෙනවා....ඒක නවත්තන්න අපි ගාව බෙහෙත් නෑ...."

"මොකක්...ඩොක්ටර්...අයිස්???"

"ඔව්....බොහොම සියුම් අයිස් පටලකින් ඔයාගේ එල්සාගේ හදවත වැහෙමින් තියෙන්නේ .....එයාට සීතල දේශගුනක ඉන්න දුන්නොත් එයාගේ හදවත ගල් වෙන වේගය අඩු වෙයි...."

"ඔපරේශන් එකකින්වත් බැරිද...."

"මම හිතන්නෙ නෑ....මම මෙහෙම දෙයක් දැකලම නෑ...."


ඩොක්ටර් ගියාට පස්සේ ඇනා ඇදේ වැතිරිලා ඉන්න තමන්ගේ එකම සහෝදරිය දිහා බැලුවේ ගොඩක් දුකින්...එල්සා තමා ඇනාගේ අක්කා වගේම අම්මා උනෙත්..

"මට කියන්න එල්සා...මට ඔයා වෙනුවෙන් මොනාද කරන්න පුලුවන්..."

ඇනා එල්සාගේ අතක් උඩින් ඔලුව තියාගෙන අඩන්න ගත්තේ එයාට වෙන කරන්න දෙයක් නැති නිසයි....

My Snow Angel✔️✔️Where stories live. Discover now