වෙන්වීම

119 44 7
                                    

"එල්සා....මොනාද කල්පනා කරන්නේ..."

මම පෑන කටේ ඔබන් කල්පනා කරද්දි මේ ලෝකෙට ආවේ ඇනාගේ කටහඩින්...හැමදාම එහෙමනේ....ජැක්ව මට අන්තිමට හම්බුනේ මාසෙකට කලින්....එයාව මම ආය දැක්කෙම නෑ....

"ඇනා....මනුස්සයෙක්‍ට පුලුවන්ද හොල්මනකට ආදරේ කරන්න..."

"අයියෝ මැට්ටි...පොත් කියෝලම මොලේ අවුල් වෙලා..."

"කියන්නකෝ ....."

"වැම්පියෙක්ට නම් පුලුවන්...නැත්තන් අනෙ මන්දා....ඊලග ආත්මේ එකතු වෙන්න හොල්මනකට ලව් කරන්නත් පුලුවන්..."

"ආය උපතක් නැති කෙනෙක්ට..."

"මොනාද අප්පා අහන්නේ....අද රෑට ෆ්ලයිට් එක එනවා නේද...ආ..ක්‍රිස්ටොෆුත් එනවලු ...එයාලාගෙ මාමා කෙනෙක්ගෙ ගෙදර නවතින්න....අනික ඔයා මොකටද අනේ හොල්මනකට ලව් කරන්නෙ...ඔයාගේ පස්සෙන් නලුවොත් එනවා නේද...."

මම ඒකට ලාවට හිනා වෙලා පොත වහලා දැම්මා.....සුදුම සුදු පාට ජර්සියකුත් ඇදන් මම එලියට බැස්සේ ස්මාරකට ගාවට යන්න...

මගේ ජීවිතේ...මට මාව හොයා දුන්නේ ජැක්...මම එයාට ආදරේ කරනවද....වෙන්න ඇති...ඒත් ආය උපතක් නැති කෙනෙක්ට ආදරය කරන්න බැරිද??? එහෙම නම් මටත් එයා වගේ ලොකු පරිත්‍යාගයක් කරන්න වෙයි....ඇයි මිනිස්සු ආදරේ වර්ග කරන්නේ...මොන ආදරේද හොද...

නංගි වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරපු ජැක් අවුරුදු ගානක් තනියෙන් ඉන්න එක සාදාරනද???

"එල්සා....."

මට ඇහුනේ මම බලාපොරොත්තු උන ගැඹුරු හඩ...දන්නෙම නැතුව ස්මාරකය ගාවටම ඇවිත්....එයා හිටියේ එයාගේම ස්මාරකෙට හේත්තු වෙලා....ඒ නිරාවරනය උන සුදු පාට කකුල් වල සීතල හිම ස්පර්ශ උනත් එයා ඒක ගානක් නැතුව හිටියේ නිකම් අපි වැලි පාගනවා වගේ...

"ජැ....ජැක්...මන්.....අද...රෑ...යනවා...."

මම අමාරුවෙන් වචන ටික ගැටගහන් කියලා බිම බලා ගත්තේ මටත් හොරෙන් කම්මුල් දිගේ ගලන් ගිය කදුලු කැට ජර්සියට වැටිලා වේවිලා යද්දියි.....

"කොහෙද...."

එයා ස්මාරකෙන් බැහැලා මට ලන් උනා...මගේ කදුලු ගලන එක ඉබේම නැවතුනා....ජැක් මා ගාව ඉන්න මොහොතක් මට ලොකු දෙයක්...මට ඒ ගැන කියන්න තේරෙන්නෙ නෑ...

"මම....මම...ස්නෝග්‍රාස්වලින් යනවා....තව මාස ගානකින් ශීත සෘතුව එන්නෙ නෑ...ඒ කියන්නෙ ඔයත් නැහැ..."

මම ඒ ටික කිව්වෙ නෑ...කියවුනා....ඒ එක්කම ආය මගේ ඇස් වලින් කදුලු පැන්නේ මට නවත්ත ගන්නවත් වෙලාවක් නොදි..
මට දැනුන එයා මගේ ඔලුව අතගානවා..
මොකක්....
මට එයාගේ ස්පර්ශය දැනෙනවා...
මම එකපාර ජැක් දිහා බැලුවා ..එයත් පුදුමෙන්...

"ඔයාට මාව දැනෙනවද....."

"ඔව් ...."

"මම දන්නවා....ඔයා මට නොකියන දෙයක් තියනවා කියලා....මාත් ඔයාට කියන්න ඉන්නෙත් ඒ දේමයි...."

එයා හිමීට මාව තුරුල් කරගත්ත...එයාගේ ජර්සියෙන් එන නැවුම් සුවදට මම ඇබ්බැහි උනා...

"ඒත්...ඔයාට පුලුවන්ද ....මම වගේ කෙනෙක්ට ආදරේ කරන්න ...."

මම කරේ ඔලුව වනපු එක.......

එයාගේ සීතල කදුලක් මගේ හිස කෙස් උඩට වැටුනා....

"මම වගේ අදෘශ්‍යමාන කෙනෙක් වෙනුවෙන් ඔයාගේ ලස්සන ජිවිතය කැප කරන්න එපා එල්...."

ඉකි ගහන ඒ හඩත් එක්කම ජැක් හුලග එක්ක අතුරුදහන් උනේ මට හිතන්නවත් කාලයක් නොදී...









කවදාවත් නොදැකපු .....
දකින්න ලැබෙන්නෙත් නැති
කෙනෙක් වෙනුවෙන් ආදරය දෙන එක
ඒක හරි පුදුමයි නේද....
ඒ දෙන්නා දෙන්නට ආදරෙයි..
ඒත්..එක්වීමක් නෑ...
මම කියන්නෙ මගේ කතාව නෙමෙයි...

Disney & Dream work කියන කාටුන් සමාගම් දෙකේ නිර්මාන දෙකක් උන elsa & jack ගැන ..

ඒ දෙන්නාගේ වීඩියෝ එඩිට් ඕන තරම් තියනවා...

ඒත් ඒ දෙන්නා තවමත් වෙන් වෙලා..


🤗 තව කොටසක් තියනවා...මට sad end එකක් දෙන්න බෑනේ...

My Snow Angel✔️✔️Where stories live. Discover now