හොල්මන් කොල්ලා...

138 47 25
                                    

"ඇනා....ඔයාගේ යාලුවා මෙහෙ කෙනෙක්ද...."

"ඔව් එල්....එයා උපන් දා සිට මෙහෙ..."

"එහෙනම් මට එයාගෙන් වැඩක් වෙයි..."

මම කෝපි එක බීලා පැත්තකින් තියලා කොලෙයි පෑනයි අතට ගත්තා...ඇනා නිකම් පිස්සුද වගේ ලුක් එකක් දාද්දි මම එයාවත් ඇදගෙන පහලට දිව්ව...

අපි යද්දි ක්‍රිස්ටොෆ් එයාගෙර් අම්මායි තාත්තයි එක්ක බර කතාවක්....එයාලාත් ඉන්න එක හොදයි මට ගොඩක් දේවල් දැනගත්තැකි...

"මට ඔයාලා එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද...."

මම එතනම තිබ්බ පුටුවක වාඩි වෙලා කතාවට බැස්සා....

"ඔව් මිස්...කියන්න..." ක්‍රිස්ටොෆ්ගේ අම්මා මිසිස් ජෝන්ස් කිව්වෙ හෝදපු පිගන් වගයක් අසුරන ගමන්..

"මට මිස් කියන්න එපා..මම එල්සා....එතකොට මේ මගෙ නංගි ඇනා...මට පොතක් ලියන්න අවශ්‍ය වෙලා තියනවා මෙහෙ ඉන්න හොල්මන් කොල්ලා ගැන..."

"ජැක් ෆ්‍රොස්ට්ද..."

ක්‍රිස්ටොෆ් කිව්වෙ ඇසුත් ලොකු කරන්..

"ඈ...ඒ බූතයට නමකුත් තියනවද..."

ඇනා මූන හට්ටියක් වගේ කරන් පුටුවකට බර උනා...

"ජැක් ෆ්‍රොස්ට්ද...එයාගෙ නම..."

"ඔව් දරුවෝ...එයා මේ පැත්තේ ගොඩක් ප්‍රසිද්දයි...."

"මට එයා ගැන කියන්නකො....මුල ඉදන්....හැම දෙයක්ම...."

මිසිස් ස්කොට් ලොකු හුස්මක් ගත්තේ දිග කතාවකට මුල පුරමින්....

"ස්නොව්ග්‍රාස් වල මීට අවුරුදු 300 කට විතර කලින් මේ වගේම ගෙවල් දොරවල් තිබිලා තියනවා....එක ගෙදරක ජැක් කියලා පිරිමි ලමයෙක් එයාගේ පවුලේ අය එක්ක ඉදලා ....ජැක්ට ලිලී කියලා නංගි කෙනෙක් ඉදලා...ජැක් එයාගේ නංගිට ගොඩක් ආදරෙයි....
දවසක් ලිලී සහ ජැක් සොයරෝන් කියන ලොකු විලට හිම සපත්තු පදින්න ගිහින්....ඒ විද මිදුනු එකක්....
ලිලී හිම සපත්තුත් දාන් අයිස් තට්ටුව උඩ හිමීට අඩි තියමින් ඇවිදලා...
ඒ එක්කම අයිස් යන්තම් බිදෙන හඩක් ඇවිත්...ලිලී හිටගෙන හිටිය තැනින්...

ජැක් ලග තිබ්බ අග වක් කෝට්ටක් ලිලීගෙ කකුල් දෙකට දාලා එයාව ඇදලා අරන්...ලිලීව අහක්ද්ට විසික් වෙලා ජැක් ලිලී හිටිය තැනට විසික් වෙලා...ඒ එක්කම අයිස් බිදිලා ජැක්ව අයිස් කඩාගෙන ඇතුලට වැටිලා...

පරණ කතා වල විදිහට එයා තමා හිම අවතාරේ....හිම වල ආත්මය...ස්නෝග්‍රාස් වල මිනිස්සුන්ට ජීවත් වෙන්න පුලුවන් තරම් උශ්නත්වයක් තියෙන්නෙ ජැක් නිසාලු...

මේ ගමේ හැම ගහකම කදේ ලස්සන හිම රටා ඇදිලා තියනවා...වෙන කොහෙවත් එහෙම නෑ....ඒ රටා අදින්නෙ ජැක්....හැමදාම රෑට එයා ජනේල් වලත් චිත්‍ර අදිනවා....ශීත සෘතුවෙදි එයා ලෝකේ වටෙ යනවා...

ජැක් ආරක්ශකයෙක්...එයා අපිව හැමවෙලේම ආරක්ශා කරනවා....එයා ගොඩක් දගකාර අවතාරයක්...සමහර දාට ටවුන් එකේ ටැප් වල වතුර පවා ගල් කරනවා....ඕනම වෙලාවට අපේ හිත්වලට සතුට ගේන්න ජැක්ට පුලුවන්...."

"එයාව කවුරුත් දැකලා නැද්ද..."
















🙂 මේක අවුල්ද????

My Snow Angel✔️✔️Where stories live. Discover now