දෙවන සඳ 🌝❤️

387 73 6
                                    


" පොඩි මහත්තයගෙ කිරිතේ එක. "

" ස්තූතියි විජේපාල මාමේ. "

මාමා ගෙනාපු කිරි තේ එක අරගෙන එයාට යන්න කියලා දොර වහගෙන රූම් එක ඇතුලට ආව මම රූම් එක ඇතුලෙ තිබ්බ සෝෆා එකේ වාඩිවෙලා පොතක් බලන ගමන් කිරිතේ එක බිව්වා..

________________________________

ටික වෙලාවකින් 4n එක රින් වුණු නිසා 4n එක ගත්ත මම දැක්කෙ ඒ call එක කවීගෙන් කියලා..

" හලෝ කවී . "

" අයියා හෙට මීට් වෙමුද ? "

" ආ.. අවුලක් නෑ.. මම හෙට ෆ්‍රී.. "

" අපි කොහොමද මීට් වෙන්නේ. "

" ම්ම්ම්. මම ඔයා ඔයාගෙ ඇනෙක්ස් ගන්නම්. "

" හරි අයියේ.. GN. බුදු සරණයි. පරිස්සමෙන් එන්න අයියේ. "

" GN මල්ලි. හෙට මුණගැහෙමු. "

Call එක කට් කරපු මම ලොකු බඩගින්නක් ආව නිසා රෑට කාලා ඉවර වෙලා වොශ් එකකුත් දාගෙන ඇවිත් නිදාගත්තා..
.
.

Thineth pov 🍂🍂

අද නිවාඩු දවසක් නිසා මම හිමායයි නවීනුයි දෙන්නා එක්ක බීච් එකට යන්න කතා වුණේ අපිට university එකේ වැඩත් එක්ක ගොඩක් කාලෙකින් එකට විනෝද වෙන්න බැරි වුණ නිසා..

උදෙන්ම නැගිටලා වොශ් එකක් දාගෙන ඉවර වෙලා ඉක්මනින් ලෑස්ති වුණු මම පහළට ආවේ breakfast එක ගන්න බලාගෙන.

"Good Morning අම්මා.. "

" Good Morning පුතා.. එන්න කෑම ලෑස්තියි. අනිත් දරුවො දෙන්නා එනවා කිව්වද පුතා.. "

" ඔව් අම්මා.. එයාලා බීච් එකට එනවා කිව්වා.. "

" Good Morning අයියා.. අයියා මාත් එන්නම්කෝ... "

" Good Morning චූටි. නෑ.. නෑ. ඕන නෑ.. ඔයා එක්කන් ගිහින් මට ඔයා පරිස්සන් කර කර ඉන්න වෙන්නේ.. මෙන්න මෙහෙ ගෙදරට වෙලා ඉන්නවා.. "

" ඔයා හරි නරකයි අයියා.. හ්ම්. යනවකෝ මට මොකෝ.. "

අම්මා එක්ක කතා කර කර ඉන්නකොට එතනට ආව නංගිටත් මාත් එක්ක යන්න  ඕන කිව්වා.. එයා එක්කන් ගියොත් ඇත්තටම මට වෙන්නෙ වටේ ඉන්න කොල්ලොන්ගෙන් එයාව පරිස්සමෙන් කර කර ඉන්න. මොකද මේකි අඟර දඟර දදා යනකොට කොල්ලො වුණත් අසරණ වෙනවනේ.. ඒ නිසා එයාව එක්කන් යන්න බෑ කිව්වාම මටත් ගස්සලා එයා එයාගෙ රූම් එකට ගියා..

අමාවකට පෑයූ සඳ 🌚🌝 (Y̑̈ȋ̈Z̑̈h̑̈ȃ̈n̑̈ C̑̈ȏ̈m̑̈p̑̈l̑̈ȇ̈t̑̈ȇ̈)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin