වසර 7කට පසු 🌼
" අප්පත්තී... "
" ඇයි චූටික්කි... "
" මත බෝලික්කෙක් අලන් දෙනෝද? "
" මගෙ චූටික්කි ඉල්ලන දෙයක් මම නොදී ඉදලා තියනවද ? ම්ම්.. "
" නෑ නී.. "
" ඒකනේ.. "
" අපි නමුකූ... "
" තාත්තිත් එක්කන් යමු හාද? එයා පව්නේ.. "
" හලේ.. "
Kaviru pov 🍂🍂
අපි දැන් ජීවත් වෙන්නෙ ඇමරිකාවල මිසක ලංකාවෙ නෙවෙයි. අපි ඇමරිකා ආවේ මීට අවුරුදු 4කට කලින්. අභීට තමයි ලංකාවෙන් එන්න ඕන වුනේ.. මට කියලා අකමැති වෙන්න කාරණාවක් නැතිකොට මාත් ඒ තීරණේට කැමති වුණා..
අභීනම් එයාගෙම කියලා බිස්නස් එකක් පටන් ගද්දි මට වුණේ ගෙදරට වෙලා ඉන්නේ.. ඒකට හේතුවක් තිබ්බා.. ඒ තමයි අපි ඇමරිකා ඇවිත් සති 2ක් වගේ යනකොට අපි දෙන්නා අතරට ආපු අපේ පුංචි ප්‍රින්සස්. ලංකාව ඇතුලෙ දරුවෙක්ව හදන්න අකමැති වුණත් ඇමරිකා වලදි දරුවෙක් හදන්න අපි 2ටම ඕන වුණා.. එයා අපි ළගට එනකොට එයාට වයස අවුරුද්දක් වගේ.. ළමා නිවාසෙකින් තමයි අපි එයාව බාරගත්තේ.. එයා මගේ අතට දෙනකොට එයා හරිම චූටියි. රෝසපාට බෝනික්කෙක් වගේ..
YOU ARE READING
අමාවකට පෑයූ සඳ 🌚🌝 (Y̑̈ȋ̈Z̑̈h̑̈ȃ̈n̑̈ C̑̈ȏ̈m̑̈p̑̈l̑̈ȇ̈t̑̈ȇ̈)
Romanceඔයාලා හිතන්නෙ සල්ලි තියනවනම් සේරම හරි කියලද? මමනම් එහෙම හිතන්නෙ නෑ.. මොකද මට කොච්චර සල්ලි තිබුණත් මගේ හිතට සැනසීම කියන දේ නැති තරම්. - සහස් 🥺❤️