පස්වන සඳ 🌝❤️

296 62 2
                                    

පුළුන් බෝලේ... අයියා හැමතිස්සෙම ඒ වචනෙ නොකීවත් ඒ කටින් ඒ වචනය අහන්න මම ගොඩක් ආශා කළා.. මෙච්චර දවසක් කෝල් වලට විතරක් සීමා වුණු ඒ ආදරණීය වචන දෙක අද අයියගෙ කටින් පිට වුණා..

අයියා මගේ ළගින් ඉන්නකොට මට දැනෙන්නෙ මම සම්පූර්ණයි වගේ.. අයියා මටත් වඩා වෙන කෙනෙක්ට අවදානෙ දෙනකොට තරහක් ඉරිසියාවක් හිතට දැනෙනවා.. ඒ හැමදේම හේතුව ආදරය.

මගේ හිතේ අයියා වෙනුවෙන් දෝරෙ ගලන ආදරය කවදක අයියට කියන්න පුළුවන් වේවිද කියලා මම දන්නෑ... ඒත් එකක්. හිමි වුණත් නැතත් මම මගේ අයියට මැරෙන තුරාවට ආදරය කරාවි.

__________________________________


Sahas pov 🍂🍂

මග දිගට මම කල්පනා කර කර ආවේ කවී ගැන. එන්න එන්නම කවීගෙ හැසිරීමේ ලොකු වෙනසක් දැක්කත් ඒ මොකක් නිසාද කියලා අහන්න මට ඕන වුණේ නෑ.. නෑ මම ඒ ගැන වැඩිය හිතන්න ගියේ නෑ.. ඒත් අද එයාගෙ හැසිරීම... මට girlfriend කෙනෙක් ඉන්නවා කිව්වාම ඇයි එයා එච්චර මූඩ් ගැහුවෙ.

අනික එච්චර මං ගැන උනන්දු වෙන්නෙ ඇයි ??? කවී මට ආදරේ කරනවත්ද? නෑ ඒක වෙන්න බෑ.. මටත් පිස්සු. නැත්නම් මට ඒ වගේ මනස්ගාත හිතන්නෙ නෑනේ..

ඒත් කවීගෙ ළඟ මට මොකක්ද වෙන්නේ.. ඒ දැනෙන හැගීම මොකක්ද ? හරියට ඒක සහෝදර කමකට එහාගියපු දෙයක් වගේ.. අනේ මංදා.. ඇත්තටම මටනම් පිස්සු වගේ..

තිනෙත් මල්ලි ගෙ ගෙදර ළඟ ට ආව නිසා මම ගෙදර ඉස්සරහා ගේට් එක ළඟ කාර් එක නැවැත්තුවෙ මල්ලිට බහින්න.

" ඔන්න ගෙදර ළඟටත් ආවා.. දැන් ඉතින් බබාට බහින්නයි තියෙන්නෙ. "

" කවුද බබා.. මම බබෙක් නෙමෙයි. අනික බහිනවා තමා. කාර් එකට නැග්ගෙ මුළු ජීවිත කාලෙම මේ කාර් එකට වෙලා ඉන්න නෙමෙයි. "

" මේකානම් කොච්චි කරලකට වඩා අන්තයි. ඔයා බබෙක් නෙමෙයි සොරි. දැන් හරිනේ.. "

" හරි නෑ .. වැරදියි. "

මැදෑ බබා කියලා මම කරගත්තු දෙයක්. කට තියාගෙන ඉන්න බැරුවට මටත් හොඳ වැඩේ. දැන් ආයෙ රණ්ඩුවක් තමා.. මෙයාට හොඳටම තරහ ගිහින්.

ටිකක් වෙලා මට රවාගෙන ඉදපු මල්ලි ලොකු හුස්මත් පහළ හෙළුවා..

" හරි අයියේ මම යන්නම්. ම්ම්ම්.. ඒක නෙමෙයි බාලගිරිදෝෂය ඉවර නැද්ද අයියේ.. "

අමාවකට පෑයූ සඳ 🌚🌝 (Y̑̈ȋ̈Z̑̈h̑̈ȃ̈n̑̈ C̑̈ȏ̈m̑̈p̑̈l̑̈ȇ̈t̑̈ȇ̈)Where stories live. Discover now