හත්වන සඳ 🌝❤️

289 57 3
                                    


Kaviru pov 🍂🍂

" ඔව් කියන්න අයියේ.. "

" හලෝ.. සර්ට පුළුවන් ද මාතර ##### ක්ලබ් එකට එන්න. "

" කවුද ඔය කතා කරන්නේ.. මේක මගෙ අයියගෙ ෆෝන් එක. "

" සර්. මේ පෝන් එක අයිති සර් හොඳටම බීලා ඉන්නේ.. සර්ට පුළුවන් නම් ඇවිත් එක්කන් යන්න... "

" ආ. හරි මම. මම ඉක්මනට එන්නම්. "

"  හරි සර්. "

කෝල් කරපු කෙනා කිව්වෙ මට ක්ලබ් එකක නමක්. මම කැබ් එකකුත් දාගෙන ඉක්මනින් එතනට ගියා.. බඩු ටිකත් අරගෙන ඇතුළට යන්න බෑනේ. ඒ නිසා කැබ් එකෙ ඩ්‍රයිවර්ට මම ආයෙමත් එනවා ඒ නිසා ඉන්න කියලා ක්ලබ් එකේ ඇතුළට ගියා.. මේ මම ක්ලබ් එකකට ආපු පළවෙනි පාර.. ටිකක් වටපිට බලනකොට මම දැක්කෙ අයියාව. ඈත තියා වුණත් මට එයාව අදුරගන්න පුළුවන් වුණා.. එයා හිටියෙ හොඳටම ඩ්‍රින්ක්ස් අරන් ටේබල් එක උඩම ඔළුව තියාගෙන..

අයිය ළඟට ගිය මම එයාගෙ පිටට තට්ටු කළා...

" අයියේ.. "

" ඔයා..ම්හ්හ්... මගෙ ඔළුව. කවී... මේ ඔයා නේද? නෑ ඔයා කොහෙද මේ වගේ තැනක. මටත් පිස්සු."

" අයියේ මම කවී තමයි. එන්න අපි ගෙදර යමු. "

අයියවත් වාරු කරගෙන එළියට යනකොට අයියගෙ පෝන් එක අමතක වුණා කිව්ව නිසා අයියට එතනම ඉන්න කියලා මම ආයෙත් ඇතුළට ගියා...

" ශා.... හොට් කොල්ලෙක්නේ.. මරු කද. බබා ඔයාගෙ නම මොකක්ද ? "

එකපාර කොල්ලෙක් මගෙ අතෙන් අල්ලගෙන නම අහද්දි මම හිටියෙ ගැහි ගැහි. වෙන වෙලාවට කට තිබ්බත් මේ වගේ වෙලාවට මම නිකම් ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ.. මොකද මට මේ පරිසරය මේ මිනිස්සු නුපුරුදු නිසා..

" බබා බයවෙන්න එපා.. යමු අපිත් එක්ක ඩාන්ස් කරන්න. කෝ එන්න ලැජ්ජ නොවී.. "

එයාලා ඩාන්ස් කරන්න කතා කරනවා. මම හිටියෙ තියන බයටම වෙව්ල වෙව්ල. ඇස් වල කදුළු පුරවගෙන මට යන්න දෙන්න කිව්වත් එයාලා හැදුවෙ මාව ඩාන්ස් කරන තැනට එක්කන් යන්න.

චටාස් !!!

එකපාරට මගෙන් අතින් ඇදන් යන්න හදපු කොල්ලගෙ කම්බුලට පාරක් වැදුනත් එක්කම ඒ කොල්ලා බිම වැටුණා.. මම හැරිලා බැලුවෙ කවුද එහෙම ගැහුවෙ කියලා. ඒ වෙන කවුරුවත් නෙමෙයි. ඒ මගෙ අයියා.. මෙයා කොච්චර ඩ්‍රින්ක්ස් අරන් තිබ්බත් ගහපු පාරටනම් අර කොල්ලා බිම.

අමාවකට පෑයූ සඳ 🌚🌝 (Y̑̈ȋ̈Z̑̈h̑̈ȃ̈n̑̈ C̑̈ȏ̈m̑̈p̑̈l̑̈ȇ̈t̑̈ȇ̈)Where stories live. Discover now