නවවන සඳ 🌝❤️

272 50 6
                                    

" තාත්තා මම ඉන්නෙ හොස්පිටල් එකේ... "

" එතකොට ඔය බැක්ග්‍රවුන්ඩ් මිවුසික් එක මොකක්ද? "

තාත්තට ඉන්නෙ හොස්පිටල් එකේ කිව්වත් කරුමෙට බැක්ග්‍රවුන්ඩ් මිවුසික් එකක් ඇහිලනේ. තාත්තට සැකයක් එන්න කලින් මම උත්තර දුන්නා..

" ඒ මිවුසික් එක යාළුවො ටික බලන ෆිල්ම් එකක සද්දයක් තාත්තා. "

" එහෙමත් එකක්ද? "

ටික වෙලාවක් තිබුණෙ නිශ්ශබ්දතාවයක්. ඒත්....

" අභිශේක. "

මගෙ නම කියනවා ඇහෙනවත් එක්කම මම ඒ සද්දෙ ආපු පැත්තට හැරුණා.. වෙන කවුරුවත් නෙවෙයි ඒ තාත්තා. සේරම හොර අදනම් අතේ මාට්ටු. තාත්තා අපෙ පැත්තට එනවත් එක්කම කවී ඇවිත් මගෙ ඇගේ එල්ලුනේ බයට කඳුළු ඇස් වලින් ගලද්දිමයි.

තාත්තා මගේ ඉස්සරහට ඇවිත් මගෙ මූණයි කවීගෙ මූණයි මාරුවෙ මාරුවට බලන ගමන් අත මිටිමෙලෙව්වෙ සද්දෙ ඇහෙන්න තරම් හයියෙන්.

" එනවා යන්න ගෙදර. "

" තාත්තා ම්... "

" මේ දෙන්නව එක්කන් එනවා... "

එහෙම බොඩිගාඩ්ලට කියපු තාත්තා ඉස්සර වෙලා යනකොට කවීගෙ අතින් අල්ල ගත්ත මම එයා එක්කම කා පාක් එකට ගියා... එතනින් පිටත් වුණු අපිට විනාඩි කීපෙකින් ගෙදර යන්න පුළුවන් වුණා.. හිතේ බයක් තිබ්බත් ඒ බය නොපෙන්වා කාර් එකෙන් බැහැපු මම කවීගෙ අත තදකරලා අල්ල ගත්තා...

" තමුන්ලා දෙන්නා එනවා මගෙ පිටිපස්සෙන්. "

තාත්තා එහෙම කියලා එයාගෙ ඔෆිස් රූම් එකට යනකොට මාත් කවී එක්ක ඔෆිස් රූම් එකට ගියා.. අපි යනකොටත් තාත්තා එයාගෙ පුටුවෙන් වාඩිවෙලා හිටියා.. තාත්තා  එයාගෙ අතින් එයාට ඉස්සරහ තිබ්බ පුටු දෙකෙන් වාඩි වෙන්න කියපු නිසා මම කවී එක්ක ගිහින් ඒ පුටුවලින් වාඩි වුණා..

" තමුසෙලා දෙන්න මොන නාඩගමක්ද මේ නටන්නේ? "

තාත්තා සද්දෙන් එහෙම අහනවත් එක්කම කවී ගැස්සිලා ගියේ බයටමයි. තාත්තගෙ මේ වචන මට හුරු වුණත් කවීටනම් හුරු නැති විත්තිය දන්න නිසාම හිමීට එයාගෙ අත අරගෙන තදකරලා අල්ල ගත්තා... පව් මගෙ මැණික හොදටම බයවෙලා..

අමාවකට පෑයූ සඳ 🌚🌝 (Y̑̈ȋ̈Z̑̈h̑̈ȃ̈n̑̈ C̑̈ȏ̈m̑̈p̑̈l̑̈ȇ̈t̑̈ȇ̈)Where stories live. Discover now