තෙවන සඳ 🌝❤️

325 61 9
                                    


Sahas pov 🍂🍂

කවී ටී එකක් හදන්න ගිය නිසා සෝෆා එකෙන් නැගිටලා ෆැමිලි ෆොටෝස් තිබ්බ තැනට ගිය මම ෆොටෝ දිහා බලාගෙන හිටියා..

එතන තිබ්බෙ කවීගෙ ෆොටෝ වගේම එයාගෙ අම්මගෙයි මල්ලිගෙයි ෆොටෝ විතරයි. කවීනම් පුංචි කාලේ පුළුන් බෝලයක් වගේ.. සුදුයි. බෝල ගෙඩිය වගේ මහතයි. දැන් කියලත් ලොකු වෙනසක්. සුදු වැඩි කමට කිරි සුදු පාටයි. ලොකුවට මහතක් නැති වුණත් බෝලේ වගේ තමයි.

හැබැයි එතන එයාගෙ තාත්තගෙ ෆොටෝ නැති නිසා මම හිටියෙ කුතුහලේකින්. ඒත් එයාගෙන් කෙලින්ම අහන්නත් බෑනේ. ෆොටෝ දිහා බලාගෙන කල්පනා කල මම ගැස්සිලා ගියේ කවී ඇවිත් කතා කළ නිසා..

_____________________________________


" අයියේ.. ඔයා මොනවද කල්පනා කරන්නේ.. "

" අහ්. මේ.. කිසි ප්‍රශ්නයක් නෑ මල්ලි. මම ඔයාගෙ ෆැමිලි ෆොටෝස් බැලුවා.. "

" අයියා කල්පනා කර කර හිටියේ.. මගෙ තාත්තා ඔතන නැති නිසාද? "

" මේ.. ඔව්. "

කවී එක පාරටම තාත්තා ගැනද කල්පනා කරේ කියලා ඇහුවම කරගන්න දෙයක් නැතුව බිම බලාගෙන ඔව් කිව්වා.. කවී මාව කතාකරගෙන ගිහින් සෝෆා එකෙන් වාඩිවෙන්න කිව්වා.. අපි සෝෆා එකෙන් වාඩි වුණාට පස්සෙ කවී කතා කරන්න පටන් ගත්තා..

" අම්මයි තාත්තයි අතරෙ මම පොඩි කාලෙ පොඩි රණ්ඩුවක් වුණා අයියේ.. අන්තිමට ඒ පොඩි රණ්ඩුව කෙලවර වුණේ ඒ දෙන්නගෙ ඩිවොස් එකෙන්. මල්ලි වගේම මමත් ගොඩක් පොඩියි ඒ දවස් වල ඒ නිසා උසාවියෙන් අපි දෙන්නට අවුරුදු 18 වෙනකන් මාසෙන් මාසෙට ගානක් ගෙවන්න ඕන කියලා තාත්තට නියෝග කළා.. ඩිවෝස් එකෙන් පස්සෙ උපරිම මාස තුනක් එයා සල්ලි එව්වා.. ඊට පස්සෙත් ඒකත් නැවතුණා.. පස්සෙ තමයි දන්නෙ එයා තව මැරේජ් එකක් කරගෙන කියලා. "

කවී ලොකු හුස්මක් පිටකරලා ,

" අම්මා ඒ සල්ලිවලින් යැපෙන්න බලාගෙන හිටියෙ නෑ අයියේ. මගෙ . මගෙ අම්මා ගොඩක් පව් අයියේ.. එදා ඉදන් එයා ගොඩක් මහන්සි වුණා අපිව උස්මහත් කරන්න. මුල් කාලෙ අපිට කන්න දීලා එයා වතුර ටිකක් බීලා බඩ පුරවගත්ත වාර අනන්තයි. "

අමාවකට පෑයූ සඳ 🌚🌝 (Y̑̈ȋ̈Z̑̈h̑̈ȃ̈n̑̈ C̑̈ȏ̈m̑̈p̑̈l̑̈ȇ̈t̑̈ȇ̈)Место, где живут истории. Откройте их для себя