Chapter 16

73 15 0
                                    

ඒ වෙලාවේ ගෙදර ලයිට් සේර ම ඔෆ් කරලා තිබුණ නිසා ගෙදර කවුරුත් නෑ කියලා මට තේරුණා.. මං පිටි පස්සෙන් ගිහින් කලින් දවසක මං ඇරලා තිබුණ ජනෙලයක් ඇරගෙන මං ඇතුලේ කාමරේට ආවා.. ආහ්.. මෙකෙ තියෙන දුවිල්ල.. හුස්ම ගන්නත් බෑ වගෙ.. මං එතන තිබුණ බඩු එහෙට මෙහෙට කරලා ගේ ඇතුළට ඇවිදින්න රෝස් ගෙ කාමරේ ළගට යනවත් එක්ක ම කවුරු හරි ඇතුළට එනවා වගෙ මට ඇහුණා.. ඒ නිසා මං ඉක්මනට රෝස් ගෙ කාමරේ ඇතුළට ගිහින් දොර ලොක් කරලා කන දොරට තියලා ඒ පැත්තට කන් දුන්නා..

පඩිපෙළ නැගගෙන එන සද්දයක් ඇහුණත් ටික වෙලාවකින් ආයෙ ම දොරත් වහගෙන යනවා මට ඇහුණා.. කවුද යකෝ ඒ.. වාහනෙකිනුත් නෙවෙයි නේ ආවේ.. ආයිශ් මට මොකද මොකා ආවත්.. මං ආවේ...ර්... රෝස්.. කොහෙද.. මං ඉක්මනට ඇද දිහා බැලුවත් රෝස් ඇදේ ඉදියෙ නෑ.. මේ කෙල්ල කොහෙ ගියා ද... සනීප නෑ කියල නේ හ්‍යුන් කිව්වෙ...  මං ඇද ළගට යන ගමන් හිතද්දි මට වොශ් රූම් එක පැත්තෙන් සද්දයක් ආව නිසා මං ඒ පැත්තට යන ගමන්..

  ර්..රෝස්.. ඔයා ද.. මං ඇහුවත් කිසිම සද්දයක් නැති නිසා මං දොර ඇරලා බලද්දි දැක්කේ රෝස් බිම වැටිලා ඉන්නවා...

  ර්..රෝස්... රෝස්.. ක්වෙන්චනා ... ආයිශ්.. මේ කෙල්ල මොනා කරන්න ගියා ද.. මං රෝස් ට බැන බැන ම ඉක්මනට හරහට වඩාගෙන මං රෝස් ව ඇදෙන් ගෙනත් තිබ්බා..

  ඇග ගිනි කබලක් වගෙ රස්නෙයි... මේ තරම් උණ හැදිලා තියෙද්දිත් තනියම මොනා කරන්න ගියා ද.. ආයිශ් මේ ගෙදර මිනිස්සු නැද්ද.. අර මල්ලි කියන එකා මොන මගුලක් කරනව ද මේ ගෙදර එන්නෙ නැතුව.. මට නම් තෙරෙන්නෙ නෑ මේ පවුල් වල හැටි.. මං හිතින් රෝස්ගෙ පරම්පරාවට ම දෙහි කපන ගමන් උණු වතුර භාජනෙකට දාලා අරන් ගිහින් රෙදි කෑල්ලකින් රෝස්ගෙ අත් මූණ පිහි දැම්මේ ඔම්මා සූ ට එහෙම කරනවා මම ඉස්සර දැකලා තිබුණ නිසා..

  .ම්ම්ම්හ්... ම්..ස්ස්.. ඔ...ඔප්පා... එ..එන්න්...

  රෝස්... රෝස්.. මාව ඇහෙනව ද.. මං ඇහුවේ රෝස් කෙදිරි ගාන නිසා...

  එ..න්...න..ය්..න.. එ..එපා ඔ..ඔප්..පා.. එන... රෝස් අමාරුවෙන් කිව්වා.. තමුසෙ බොරු කියන්න දන්නෙ නෑ ඕයි.. මට කැමති නම් මොන මගුලකට ද ජින් ට එන්න කියන්නෙ..😑 මගුල.. මං අතේ තිබුණ රෙද්ද විසි කරලා දාලා නැගිට්ටේ යන්න හිතාගෙන.. උණ නෙවෙයි මොන මගුල හැදුණත් මට මොකද ඕනි එකෙක් ඇවිත් බලාගන්නෙ නැතෑ..

Misunderstand (Complete)Where stories live. Discover now