හතරවෙනි ඉඩෝරය🌵

1.9K 358 49
                                    

ශෙනාල්ගෙ pov ❤️

වැඩ කරපු පලවෙනිම දවස ඉවර වෙලා මම ගෙදර ගියේ මොන හැගීමකින්ද කියලා මටවත් මතක නෑ.....
කොහොමහරි ඒක හරි වෙනස් අත්දැකීමක් මම බලාපොරොත්තු වුණාට වඩා.......

මට හවස මීටින් එකට යන්න වුණෙත් දූවිලි, මකුළුදැල් නාගෙන.....
මාව පෙනුනෙත් අතුගාන කොල්ලෙක් වගේද දන්නෑ......
මට අපිරිසිදුකම කියන්නෙ පේන්න බැරි දෙයක්!!!

අර පොඩි ඌරු පැටියා හින්දා තමා ඔක්කොම..
මගේ දවසම විනාශ කරා....
මට වදදෙන්නම ගිය ආත්මේ ඉදලම පතාගෙන ඇවිත්ද කොහෙද....

පතාගෙන කෙසේ වෙතත් ඔතාගෙන ගිහින් දාන්න වටින්නෙ වැවට මාළු එක්ක ඉන්න.....
මට එන තරහා..

මට කාර් එකේ ගෙදර යන ගමනුත් ඒ පොඩි වදකාරයවමයි මතක් වෙන්නේ.....
මගේ පපුවට හේත්තු වෙලත් හිටියා.....ඒකත් මකුළුදැල් නාගෙන...
තව පොඩ්ඩෙන් හාට් ඇටෑක් හැදෙනවා මම කලබල වුණු පාරට....

මම ගේට්ටුවෙන් කාර් එක ඇතුලට දාලා නවත්තලා බිමට බැස්සා....

මම ගෙදර ඇතුලටම යනකොටම මාව පිලිගත්තේ මගේ දුඹුරු ලොම් බෝලේ....

මගේ එලී බබා.....

"පපා නැතුව පාළු හිතුණද එලී බබාට...ම්ම්ම්...හෝව් හෝව් ඉතිං...මූණ ගැලවිලා යයි...මං ආවනෙ...සුදුදෝණි කලබල නොවී ඉන්නකෝ...පපා බඩ්ඩක් ගෙනාවා , ඉන්න ඉතිං දෙනකං...හදිස්සියනෙ ඉතිං"

"වූෆ්....වූෆ්..."

මගේ බලු හුරතලා...එලිසබෙත්....
මෙයා තමා මගේ ලෝකේ......
එයා මං එක්ක හැර අනිත් හැමෝම ඉස්සරහා එලිසබෙත් රැජින වගේම අහංකාරයි...

ලෝකෙ ලස්සන වෙන්නට දෙදෙනෙක් ඕනෑවේලුනෙ...

ඉතිං මගේ ලෝකේ ලස්සන වෙන්නෙ මේ ලොම්බෝල හින්දලු...
මෙයා නං චූටි ලොම් බෝලයක් නෙවේ..
ෆුට් බෝල දහයක් විතර තද දුඹුරු පාට ලොකු බෝල ගෙඩ්ඩක්.....
මටවත් උස්සගන්න අමාරුයි......
ඒ වුණාට එයා ආස වඩාගෙන අරන් යනවට...

දැනුත් එයා දිව එළියට දාගෙන පස්සෙ කකුල් දෙකෙන් ඉදගෙන ඉස්සරහා කකුල් දෙක උස්සගෙන වන වන ලොකු ඇස් දෙක ඇරන් බලන් ඉන්නවා.....
මංපපා ගෙදර එනකොට මෙයාට මොනවාහරි ගේන්නම ඕනෙ...

පතොක් මල්🌵✔️Where stories live. Discover now