දහනව වෙනි ඉඩෝරය🌵

1.3K 283 46
                                    

යෙහාරගෙ pov💚

"නංගි පොල් ගාන්නකො...
මම අම්මගෙ නළල තවලා එන්නං..."

මම සීතල වතුර පොඩි භාජනේකට දාලා අරගෙන කාමරේට ගියා...

අම්මා නින්දෙන් කෙදිරි ගානවා...මම අම්මා ළග දණ ගහගෙන හෝදපු රෙදි ගොඩෙන් ලේන්සුවක් ගත්තා..
ඒක වතුරෙන් පොගවලා මිරිකලා නලළ තැව්වා...
අම්මා හොදටම රත් වෙලා.. හොදටම දාඩිය දාලා...මම ලේන්සුව පාවිච්චි කරලා එයාගෙ මූණ බෙල්ලයි අතුයිත් තැව්වා....

මං පිරිමියෙක් වුණාට මොකද....
මේ මගේ අම්මනෙ....නංගිට තාම මේවා කරන්න තේරෙන්නෙ නෑ...
මම අහක බලාගෙන අම්මගෙ පපුව ලේන්සුවෙන් තෙමුවා......

අම්මගෙ ඇගේ මෙච්චර වෙලා තිබුණ රස්නෙ ගතිය අඩුවෙනවා තේරෙද්දි මගේ හිතට දැනුන බර ගතිය අඩුවුණා......
මම බයෙන් හිටියෙ උණ බහින්නෙ නැතිවෙයි කියලා....

මේ වගේ වෙලාවට තමා පවුලක වැඩිමලා වෙචිච බර දැනෙන්නෙ....
අක්කෙක්, අයියෙක් වෙන එක ලේසි නෑ.....
අම්මට, තාත්තාට බැරි තැන අම්මෙක් තාත්තෙක් වෙන්න සිද්ධ වෙන එක ලේසි නෑ...
වැඩ කරන එක නෙවෙයි, ඔලුවට දැනෙන වගකීම.....
ඒක තේරෙන්නෙත් අක්කෙක්ට අයියෙක්ට විතරයි....

අද දවසම අපි වැඩිපුර හිටියෙ ගේ ඇතුලේ...කඩේටවත් ගියේ නෑ....
වටේපිටේ කවුරුත් අපේ මූණක් බලන්නෑ....දැක්ක තැන එක එකේවා කියනවා.....දෙස් තියනවා....මකබෑවිලා පලයං කියනවා...කාන්ති නැන්දා විතරයි අම්මට අසනීපයි කියලා දැනගෙන දවල්ට කෑම ටිකක් එව්වෙ....
මම අද ඔෆිස් ගියෙත් නෑ අම්මවයි නංගිවයි තනියම දාලා යන්න තියෙන බයට....

ඒත් කොහොමද මිනිස්සුන්ට බනින්නෙ....
යසිතට මෙහෙම වෙන්න තාත්තත් වග කියන්න ඕනෙ.....
ඒත් තාත්තගෙ වැරදි වලට අපිමොනවා කරන්නද...අපි අසරණයි..

අනික වත්තෙ එකාලා තාත්තට බනින්නෙ අජිත්ට බනින්න බය නිසා...
උං අපේ ගෙදරට ගල් ගැහුවෙ වත්තෙන් පිට තියෙන තට්ටු දෙකක අජිත්ගෙ මාලිගාවට ගල් ගහන්න බැරි නිසා...

තාත්තා ගැන අම්මගෙ හිතේ මෙච්චර හැගීමක් තියෙනවා කියලා මම දන්නෙත් අද.....මම දන්න දා ඉදලා තාත්තා අම්මට එක වචනයක් ආදරෙන් කතා කරලා නෑ...එක දවසක් අම්මට මොකුත් ගෙනත් දීලා නෑ.....
මට තාම මතකයි තාත්තා අවුරුදු දෙකක්ම අපිව දාලා ගිහින් හිටිය හැටි...

පතොක් මල්🌵✔️Dove le storie prendono vita. Scoprilo ora