හතලිස් එක්වෙනි ඉඩෝරය🌵

1.1K 223 18
                                    

යෙහාරගෙ pov💚

පහුවෙනිදා උදේ ඇහැරෙනකොට අයියා මාත් එක්ක නෑ....මම හේතුවක් නැතුවම හොදටම බයවුණා...
එයා කොහෙද ගියේ.......

අනික මේ ගෙදර නෙවේනෙ...අපි හිටියෙ රොවේන් අයියගෙ අපාර්ට්මන්ට් එකේ එයාගෙ ඇදේ..
රොවේන් අයියා සෝෆාවේ නිදාගන්න ඇත්තේ...

මට වරදකාරී හැගීමක් දැනුනා...එයා අපි දෙන්නට මෙච්චර උදව්කරලා අන්තිමට එයාගෙ කාමරෙත් අපට දුන්නා....

මම කාමරෙන් එළියට එද්දි අයියයි රොවේන් අයියයි සෝෆාව උඩ ඉදන් ඉන්නවා .....
ඒ දෙන්නා කිසි ගාණක් නැතුව ඔහේ කතා කර කර ඉන්නවා ..

මම එතනට දුවලා ගිහින් අයියාව සෝෆාවට තද කරලා එයාගෙ උකුල උඩින් ඉදගෙන එයාගෙ ෂර්ට් එකෙන් අල්ලලා හෙල්ලුවා....

"තමුසෙ.....තමුසෙ ඇයි මාව තනියම දාලා මෙතනට ආවෙ....මං කීවනෙ ආයෙ මාව දාලා යන්න එපා කියලා...අර පිස්සු ගෑනි ගාව ඉන්නද ඕනේ...."

මම හිටියෙ තරහෙන්....අයියව මරන්න තරං තරහෙන්....

"යෙහාර....යෙහාර....පැටියො...අයිම් සොරි...සමාවෙන්න මට....මම පසුතැවෙන තරම දන්නෙ මම විතරයි...මම හිතුවෙ නෑ ඔහොම දෙයක් වෙයි කියලා.....ඊයෙ එන ගමනෙත් මම කොච්චර පසුතැවුණද..."

ඒත් මම අයියගෙ සමාව ඉල්ලීම් අහන්න ලෑස්ති වෙලා හිටියෙ නෑ.....

"මට ඒවයින් වැඩක් නෑ....ඔයාට තේරෙන්නෙ නෑ ඔයා අර පිස්සු ගෑනි එක්ක ඉදිද්දි මට දැනුන හැටි....ඔයාට තේරෙන්නෙ නෑ...."

"යෙහාර..."

"ආයෙමත් සැරයක් ගෑනියෙක්ගෙ හුලගක් හරි වැදිලා තිබ්බොත් ඒ ගෑනි මොකී වුණත්  ගහන්නෙ ටේබල් ලෑම්ප් එකෙන් නෙවේ යකඩ පොල්ලකින්....මම ඒ ගෑනිව මරලා හිරේ යනවා...නෑ හිරේ යන්නෑ...ඊට පස්සේ තමුසෙ ගෑනියෙක්ව බදියි..තමුසෙව හිරේ යවනවා ඒ වෙනුවට......තමුසෙ...තමුසෙ එක්ක මට කේන්තියි....ඇයි තනියම ගියේ...ඒ ගෑනිට යන්තමට හරි ආසාවක් තිබ්බ නිසානෙ....

අන්තිමට මම කියෙව්වෙ මොනවද කියලවත් මම දන්නෙ නෑ...මගේ ඔලුවට වචන ආවෙත් නෑ.....

මම ඇස් කොණෙන් දැක්කා රොවේන් අයියා නැගිටලා යනවා....
අයියා මොනවාහරි කියන්න හැදුවත් මම නැවැත්තුවා ..

පතොක් මල්🌵✔️Where stories live. Discover now