හතලිස් හතරවෙනි ඉඩෝරය🌵

1K 218 26
                                    

ශෙනාල්ගෙ pov ❤️

හැම කළු වළාකුලක් අස්සෙම රිදී රේඛාවක් තියෙනවලු....කළු වලාකුල මම නං මගේ රිදී රේඛාව තමා මේ මං ඉස්සරහා සැපට නිදාගෙන ඉන්නේ...

මම යෙහාර දිහාට නැවිලා නලලට හාද්දක් දුන්නා...
දිග පිජාමා කලිසමක් විතරක් ඇදගෙන උඩට මුකුත් නැතුව එයා නිදි......එයාගෙ ඇග ලස්සනයි..... පිරිමිකම බේරෙන රූපයක්...
ජිම් ගිහින් හදලා නැති වුණාට වැඩ කරලාම ගාණට කට්වුණු අත්ගොබ..මම හැමදාම ආස කරන එයාගෙ ලොකු පළල් අත්.....ගාණට චීස් කුට්ටි වගේ තියෙන පපුව..... වෙනදට ඇත්දළ පාටට තියෙන පපුව අදනං ඒ පාට නෑ....රතු පාට පැල්ලම් වලින් බතික් වෙලා....
මේ ලස්සන පිරිමි රූපේ ඊයෙ මං ඉස්සරහා හැගීම් වින්ද හැටි මතක් කරනකොටත් මට අමුතු හැගීමක් දැනෙනවා...

මම යෙහාර පිටිපස්සෙන් වැතිරිලා එයාගෙ බෙල්ලට මගේ නහය හේත්තු කරගත්තා...එයා ළග රෝස සුවදයි...

ඊයෙ රෑ අපි එහෙමම මහන්සියට ටිකක් වෙලා නිදාගෙන ආයෙ මම දෙකට විතර ඇහැරලා එයාවත් ඇහැරවලා වොෂ් දම්මලා තමා නිදිකෙරෙව්වෙ.....

ඒකත් එක යුද්ධයයි....
කොන්දත් රිදෙනවලු...නැගිටින්නත් බෑලු.....ඔක්කොම වැරැද්ද මගේලු.....
උණ වගේලු.....බඩ රිදෙනවා අතගාන්නලු.. බාත්රූම් එකට වඩාගෙන යන්න ඇහුවම ඒත් එපාලු.... එයා ලෙඩෙක්වත් බබෙක් වත් නෙවේලු.... ඊට පස්සේ පණ්ඩිතකමට ඇවිදගෙන ගිහින් කොන්ද බිත්තියේ හැප්පුණාම ඒකටත් පලි මමලු.....
එයාගෙන් අහන්න පුලුවන් කුණු බැනුම් ඔක්කොම අහගෙන එයා වොෂ් දානකං ඉදලා මමත් යාන්තමට හෝදගෙන ආවම එයාට බඩගිනිලු....
කන්න මොනවාහරි ගෙනත් දෙන්නලු..

යෙහාර ඔහොම සැහැල්ලුවෙන් , පොඩි එකෙක් වගේ ඉන්නෙ සෑහෙන කලාතුරකින්නෙ....ඉතිං මට තරහක් නෑ...ඒ හැම තත්පරයක්ම මට තෑග්ගක් වගේ.......

ඊට පස්සේ බිස්කට් කාලා එයාට ඉගුරු තේ එකකුත් හදලා දීලා ඒකත් බීලා නිදාගනිද්දි තුනට විතර ඇති....

මම යෙහාරට නිදාගන්න ඇරලා ෆෝන් එකෙන් වෙලාව බැලුවා....
දැන් අට හමාරයි......

මම කම්මැලිකමට ඇදට වෙලා ටිකක් වෙලා හිටියා.......ආයෙත් ළාවට නින්ද යාගෙන එද්දි තමා කෝල් එකක් ආවෙ..

පතොක් මල්🌵✔️Where stories live. Discover now