හත්වෙනි ඉඩෝරය🌵

1.6K 337 26
                                    

යෙහාරගේ pov 💚

අද තමයි නංගිගෙ 16 වෙනි උපන්දිනේ....
හැමදාම අවුරුදු 16 ක් වෙන්නෙ නෑනෙ..
ඉතිං මම අද හාෆ් ඩේ දැම්මා....
ඉතිං උදේ ගිහින් දවල් දොලහට ඕෆ් වෙලා එනවා......
එදා සපත්තු අරගත්තට පස්සෙ මං අතේ ඉතුරු වුණ සල්ලියි මේ දවස් ටිකේ දවල් වේල නොකා ඉතුරු කරගත්ත සල්ලියි එකතු කරාම එක්දාස් පන්සීයක් තියෙනවා...
චොකලට් කේක් 500 g එක්ක බීම බෝතලයක් ගන්න පුලුවන්...
අම්මා සැන්ඩ්විචස් හදලා කට්ලට් හදනවා කීවා...

නංගි ස්කූල් ඇරිලා එනකොට හවස දෙක විතර වෙනවා....
එතකොට ගිහින් සප්‍රයිස් පාටියක් දෙන්න පුලුවන්....

මම තනියමම හිනාවුණා...
අපිටයි කියලා හිනාවෙන්න වෙලාවල් හරි අඩුයි...මේ වගේ පුංචි දේකට සතුටු වුණොත් ඇරෙන්න...

අද නං ටිකක් සැහැල්ලුවෙන් ඔෆිස් ගියේ...
ඊයෙ නං මම උදේ ගියෙත් බයෙන් බයෙන්... නෑ නෑ බයටමත් නෙවේ...
මානකොකාට මං බය නෑ.....
ඒත් මගේ හිත රිදුණා.....

අපේ හිත් රිදුණට ඉතිං කාටවත් මොකෝ.....කවුරු ගණන් ගන්නද...
මෙලෝ දෙයක් බැරි මම ඉතිං හැමදේම වරද්දගන්න එක අලුත් දෙයක් නෙවේනෙ...
මට ඉස්කෝලෙ කාලෙ ගණන් වැරදුණා...ඊට පස්සේ රචනා වැරදුණා...විද්‍යාව වැරදුණා...ඕලෙවල් වැරදුණා....
මට මොනවද වැරදුණේ නැත්තේ...

අකුරු වැරදුණත් අම්මා මාව හදපු විදිහට පින් සිද්ධ වෙන්න ජීවිතේ නං වැරදුණේ නෑ......
කොහොමහරි මැච් එකක් ගහගන්න තරමට මට මොලේ තියෙනවනෙ...
ඒ මදෑ...

ඊයෙ මම බයෙන් ගියාට වැඩක් වුණේ නෑ....
මානකොකා ඊයෙ ආවෙ නෑ.....
උදේ නං ඒකට මට හෙණ හැපි...

ඒත් දවල් වෙනකොට අර රූම් එකෙන් එබිලා බලන ඔලු ගෙඩිය නැතුව පාළුයි පාළුයි වගේ.....
නිකං ඔෆිස් එකම හිස් වෙලා වගේ..
එයා කොහේ ගියාද දන්නෑ....

රිකියෝ උඹට නං පිස්සු හැදීගෙනද කොහෙද එන්නේ...
උඹට හිගන්නා කියලා බැන්න මිනිහා නැතුව පාළු හිතෙනවා කියන්නෙ ඒක ලෙඩක් වෙන්න එපායෑ....

උදේ මං එනකොට නංගි නිදි....එයා ස්කූල් යන්න ඇහැරෙන්නෙ හය හමාරට..කම්මැලිච්චි..
මම එයා නිදියන් ඉද්දිම නළලට හාදුවක් දීලා ඔලුව අතගෑවා...

පතොක් මල්🌵✔️Where stories live. Discover now