විසි දෙවෙනි ඉඩෝරය🌵

1.2K 252 53
                                    

ශෙනාල්ගෙ pov❤️

ඔයා ආදරේ කරන මනුස්සයගෙ උණුහුමත් එක්ක ඇහැරෙනකොට දැනෙන හැගීම විදලා තියෙනවද???
දැන් මම ඒ හැගීම විදිනවා.....

මම උදේ ඇහැරෙනකොට හිටියෙ මුණින් අතට හැරිලා......
යෙහාරගෙ ඔලුව මගේ පපුව උඩ.....
එයාගෙ එක බර අතක් මගේ පපුව උඩ රැදිලා.....
යෙහාරව බදාගත්තම ටෙඩියෙක් බදාගත්තා වගේ....
එයා කොහොමත් චූටි සයිස් කොල්ලෙක් නෙවේ......හීන්දෑරි ඒත් ටිකක් පිරිපුන් පෙනුමක් තියෙන කොල්ලෙක්.....එයාගෙ අත් කකුල් ලොකුයි...පිරිමි පෙනුමයි.....

ඒත් එයා දිහා බලන හැම වෙලාවෙම මට හිතෙන්නෙම මේ මම මලක් වගේ බලාගන්න හීන දකින පොඩි කොල්ලා කියලා....

මම එයාට පුංචි හීරීමක්වත් වෙනවට බයයි.....එයාට ගහගෙන ,රණ්ඩු කරගෙන පුරුදු ඇති....එයාගෙ අත්ගොබ මගේ වගේ ජිම් ගිහින් හදපුවා නෙවේ...වැඩ කරලා හැදුණ ශක්තිමත් අත්ගොබ.....

ඒත් මට ඕනෙ මම එයාව ආරක්ෂා කරන්න....මම එයාගෙ වීරයා වෙන්න....එයා බයවුණාම මට තුරුලු වෙනවා දකින්න.....

ඇත්තටම පිරිමි අපේ ego එක නිසාද මන්දා අපිට ඕනෙ අපි ආදරේ කරන කෙනා අපි මත්තෙම ඉන්නවා දකින්න.....ඒ ආදරෙ කරන කෙනා කොල්ලෙක් වුණත් එහෙම තමා...
මම දන්නවා එහෙම දැනෙන්නෙ ආදරෙත් එක්ක එන ලෝභකම නිසා කියලා...
ඒත් මම ඒ ලෝභකමට එළියට එන්න ඉඩ දෙන්නෙ නෑ.....

මොකද ආදරේ කියන්නෙ කූඩුවක හිරකරන එක නෙවෙයිනෙ....
මට බෑ යෙහාරව මං අස්සෙම තියාගන්න......
යෙහාර කියන්නෙ කූඩුවක ඉන්න ආස කුරුල්ලෙක් නෙවෙයි....
නිදහසේ පියාඹන්න කැමති කුරුල්ලෙක්....
ඒ නිදහස් කුරුල්ලට සිංදු කියන්න,පියාඹන්න නොදුන්නොත් ඒ කුරුල්ලා දුක් වෙලා මැරිලා යයි....
ඒත් එයාට නිදහස දුන්නොත් එයා ඔයාට ආදරේ නිසාම හැමදාම ඔයාගෙ උණුහුම හොයන් ඒවි.......

"අ..අයියේ....ගුඩ්මෝනිං....."

"ගුඩ්මෝනිං ඌරු පැටියෝ...."

ෆෝන් එකෙන් නැතුව ඇත්තටම ගුඩ්මෝනිං කිව්ව පලවෙනි වතාව මේක.....බිස්නස් ට්‍රිප් එක දවස ගන්න බෑ....එතකොට අපි ආදරේ කරේ නෑනෙ...

අපි ඇහැරලා මම එයාවත් එක්කන් ගිහින් දත් මැදලා මූණ හෝදන් ආවා...
එයා මට වාරු වෙලා ඇවිද්දා...

පතොක් මල්🌵✔️Where stories live. Discover now