පසුවදන ( author's note)

1.4K 206 74
                                    

පතොක් මල් ඉවරයි....

මේ කතාව ලියවුණේ මගේ හිතට ආව boss and employee කතාවකුයි තව මම assignment එකකට ලිව්ව schizophrenia ( mental disorders) සම්බන්ධ මම හදපු කෙටි කතාවකුයි දෙකක් එකට එකතු කරලා....

මං හිතන්නෙ මේක ලියලා ඉවර කරන්න මාසෙකට වඩා ගියා....
මාත් එක්ක එකතු වුණු , මේ කතාව රසවින්ද හැමෝටම ගොඩක් ගොඩක් ස්තූතියි....

කියවපු , වෝට් කරපු , කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි....
කවර්ස් හදලා දුන්නු නංගිලා දෙන්නට,මාව ධෛර්යමත් කරපු හැමෝටමත් ස්තූතියි....

මාත් එක්ක පලවෙනි කතාවෙ පලවෙනි අකුරෙ ඉදලා හිටිය කෙනෙක් ඉන්නවා...
මම කතාවක් ලියන්නද අක්කේ... මේක හොදද කියලා අහද්දි එයා තමා මාව ධෛර්යමත් කරේ.....එයාට විශේෂ ස්තූතියක්...

ඊට අමතරව උදව් කරපු ගොඩක් අය ඉන්නවා නම් වශයෙන් නොකීවට...
නම් නොකියන්නෙ එක්කෙනෙක් හරි මග හැරෙයි කියලා බය නිසා...

ඔයාලට කතාව ගැන හැගුණ දේවල්, ඒ ගැන අදහස් මොනවාහරි කියන් යන්න.....යෝජනා, චෝදනා ඕන එකක්...විවේචනාත්මක අදහස් වුණත් අවුලක් නෑ....මම ටිකක් අලුත් ඕතර් කෙනෙක් නිසා වැරදි හදාගන්න විවේචන ඕනෙමයි...

ඔයාලට ශෙනාල්... යෙහාර.... රොවේන්.. හිමායා...මේ හැම චරිතයක්ම ගැන දැනුන හැටිත් මට කියන්න....මට දැනගන්න ආසයි....

( ඔක්කොම කොටස් 49 යි.....කොටස් 50 ක් වෙන්න පස්සෙ කාලෙක ස්පෙශල් චැපියක් ලියන්නං හොදේ....දැන්ම නෙවේ)

අලුත් කතාවකින් ආයෙ එන්නං.....

පතොක් මල කියන්නෙ කාන්තාරයේ කුසුමක්.....
ඉඩෝරයත් දරාගන්න මලක්...
ඉක්මනින් මැලවෙලා යන සිනිදු , දූර්වල මලක් නොවී ඉඩෝරය දරාගන්න පතොක් මලක් වෙන්න....
දවසක අනිවාර්යෙන්ම වසන්තය උදාවෙවී...
ඔයා ලස්සනට පිපේවි....
එතකන් ඉවසන්න...

Tara~
2023.12.25

පතොක් මල්🌵✔️Where stories live. Discover now